23 - පුරාණ ගිවිසුම

ශුද්ධ බයිබලය යනු දේව වචනය අඩංගු පූජනීය ග්‍රන්ථයයි. එය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

ඊශ්‍රායෙල් ජනතාවගේ ඉතිහාසයට අයත් සිදුවීම් පුරාණ ගිවිසුමෙහි සඳහන් වේ. පුරාණ ගිවිසුමට අයත් පොත් මොනවා දැයි පහත සඳහන් විරිදුව ඇසුරෙන් විමසා බලමු.


1. දෙවි සමිඳුන් සරණ ලබන - බලය ලබන අපි සැම දෙන
    පුරාණ ගිවිසුමට අයත් - පොත් සියල්ල හඳුන ගනිමු //


2. උත්පත්තිය, නික්මයාම - ලෙවී, ගණන්, ද්විතීය කථා
    බයිබලයේ මුල් පොත් පහ - පංච පුස්තකය නම් වෙයි //


3. යහගුණ පිරි ජොෂුවා පොත - වීරාවලිය, රූත් කථා
    සාමුවෙල්ගේ පොත් දෙකක් ය - රාජාවලිය, පොත් දෙකක් ය //


4. වංශාවලිය යුගල පොත් ද - එස්රා, නෙහෙමියා තුමා
    එස්තර් යන දිරිය රැජින - පීඩා මැද ජෝබ් තුමා //

5. ගීතාවලිය, හිතෝපදේශ - ධර්මදේශකයාගේ පොත
   ප්‍රේම ගීත මේ හැම පොත් - මන පිනවයි හද සනසයි //


6 දෙව් වදනින් බල ගැන්වුණ - දිවැසිවරුන්හට කන් දෙමු
   යෙසායා, ජෙරමියා තුමා - විලාප ගී, එසකියෙල් ද //


7 දානියෙල් ද හොසියා තුමා - ජෝවෙල් පොත, ආමොස් පොත
   ඔබදියා, ජෝනා, මීකා - නාහුම්, හබකුක්, ශෙපනියා //


8 හග්ගයි, සෙකරියා, මලාකි - අවසන් පොත් අතරට විත්
   පැරණි ගිවිසුමේ ඇති පොත් - තිස් නවයයි බයිබලයේ //

බයිබලය කියවමු; දේව වචනයට ගෞරව දක්වමු. ඒ අනුව ජීවත් වෙමු.