13 - භේද නොසලකමු සැවොම පිළිගනිමු

ශු.ජොහන් 4 : 7 - 10, 27, 29 - 30


ජේසුස් වහන්සේ  විසූ කාලයේ ජුදෙව්වන් හා සමාරියයන් අතර සම්බන්ධතාවයක් නොතිබුණි. ජුදෙව් සමාජයෙන් සමාරීය ජාතිකයන් කොන්කර තිබුණි.

ජේසුස් වහන්සේ දිනක් සමාරිය පසු කරමින් ගමන් ගත් සේක. සිකාර් නම් වූ නගරයේ දී ජේසුස් වහන්සේ ගමන් විඩාව නිවා ගැනීමට ළිඳක් ළඟ වාඩි වූ සේක. එවේලෙහි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලට ගැනීමට නගරයට ගොස් සිටියෝ ය. එවිට සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස එතැනට පැමිණියා ය.


ජේසුස් වහන්සේ ඇයගෙන් බීමට වතුර ටිකක් ඉල්ලු සේක. ජුදෙව්වකු වු ජේසුස් වහන්සේ සමාරියයකු වු ඇයගෙන් වතුර ඉල්ලීම ගැන ඈ විස්මයට පත් වුවා ය. ඒ ගැන ඈ ජේසුස් වහන්සේගෙන් විමසුවා ය.

එවිට ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, වතුර ඉල්ලන තැනැත්තා කවරෙක් ද කියා ඔබ දැන සිටියා නම් ඔබ ඔහුගෙන් ඉල්ලන බවත්, ඔහු ජීවන ජලය ඔබට දෙන බවත් පැවසූ සේක.


ඒ මොහොතේ දී ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ එතැනට පැමිණියෝ ය. උන්වහන්සේ ස්ත්‍රියක සමග කතා කරනු දැක ඔවුහු මවිත වුහ. මන්ද සමාරිය ජාතිකයන් මෙන් ම කාන්තාවන් ද එකල සමාජයෙන් වැඩි සැලකිල්ලක් නොලැබූ පිරිසක් වූ හෙයිනි.


ජේසුස් වහන්සේ සමග කතා කළ ස්ත්‍රිය උන්වහන්සේ ගැන පුවත නගර පුරා ප්‍රකාශ කළා ය. තමා ගැන සියල්ල කියු එතුමා ක්‍රිස්තුස් විය හැකි බව ද පැවසුවා ය. සෙනඟ නුවරින් නික්ම ජේසුස් වහන්සේ වෙත ආහ; මුහුණ ගැසෙන්නට පැමිණ ජේසුස් වහන්සේ හඳුනා ගත්හ.ජේසුස් වහන්සේ එදා සෙනඟ අතර තිබු ජාති භේද නොතකා සැම දෙනා සමග එක ලෙස ක්‍රියා කළ බව මින් අපට පැහැදිලි වේ.

අපිත් භේද නැතිව සැවොම පිළිගනිමු!