4 - රතු මුහුදින් එතෙර වීම

නික්මයාම 14 : 15 - 31
මිසර දෙශයේ වහලූන් ලෙස අවුරුදු ගණනාවක් බොහෝ පීඩාවලට ලක්වීමට ඊශ්‍රායෙල් ජනතාවට සිදු විය. ඔවුහු එම පීඩාවල දී දෙවියන් වහන්සේට යාච්ඤා කළෝ ය. ඊට පිළිතුරු ලෙස දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව මිසරයේ වහල්කමින් මුදවා පොරොන්දු දේශය කරා ගෙන යාමට කටයුතු කළ සේක. මේ සඳහා නායකත්වය සැපයීමට දෙවියන් වහන්සේ මෝසෙස් තෝරා ගත් සේක. මෝසෙස්ගේෙ මැදිහත් වීමෙනි ඊශ්‍රායෙල් ජනතාවට මිසරයෙන් පිටවීමට පාරාවෝ රජු විසින් අවසර ලබා දෙන ලදි. එහෙත් ඔවුන් මිසර දේශයෙන් පිට වී ගිය පසු පාරාවෝ රජු නැවත එම තීරණය වෙනස් කර ගනිමින් ඊශ්‍රායෙල් සෙනඟ ලූහුබැඳ ගියේ ය.

ඊශ්‍රායෙල් ජනතාව රතු මුහුද අසලට පැමිණ ඉන් ඉදිරියට ගමන් කළ නොහැකිව දෙවියන් වහන්සේ මොරගැසූහ. එවිට පෙරමුණෙන් ගිය වලා ටැඹ ඔවුන් හා මිසරවරුන් අතරට පැමිණ එයින් ඔවුන්ට ආරක්ෂාව සැලසී ය. ඉන් පසු දෙවියන් වහන්සේ මෝසෙස්ට කතාකොට සැරයටිය මුහුද දෙසට දිගු කරන්නට අණ කළ සේක.

මෝසෙස් සැරයටිය මුහුද දෙසට දිගු කළ පසු මුහුද දෙබෑ විය.

ඊශ්‍රායෙල්සෙනඟ මුහුද මැදින් ගමන් කරන අතරතුර පාරාවෝ ද ඔහුගේ අශ්ව රථ හමුදාව ද ඊශ්‍රායෙල්සෙනඟ පසුපස ලූහුබඳිමින් මුහුද මැදට ගමන් කළෝ ය.

පාරාවෝ හා අසරුවන් මුහුද මැදට පැමිණෙනවාත් සමග ම දෙවියන් වහන්සේ මෝසෙස්ට නැවත සැරයටිය මුහුද දෙසට දිගු කරන්නට අණ කළ සේක. එවිට දෙබෑ වූ රතු මුහුදේ ජලය නැවත එකතු වී පාරාවෝගේ අසරුවෝ ද සියලූ සේනාව ද ජලයට යට වූහ.


දෙවියන් වහන්සේ ප්‍රාතිහාර්යාත්මකව රතු මුහුද දෙබෑ කරමින් ඊශ්‍රායෙල් ජනතාව සුරක්ෂිතව ගෙන ගිය සේක.


ඊශ්‍රායෙල් ජනතාව මෙන් අපිත් ප්‍රාතිහාර්යාත්මක දිව්‍ය රැකවරණය
අත්දකිමු!