18 - ශුද්ධාත්මයාණන් වහන්සේ හඳුනා ගනිමු

ක්‍රියා 2: 1 - 4


ශුද්ධාත්ම ආගමනය

ජේසුස් වහන්සේ, උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයට පෙර තම ගෝලයන්ට පොරොන්දුවක් දුන් සේක. එනම් ශුද්ධාත්මයාණන් වහන්සේගේ පැමිණීමත් ඒ බලය හේතුකොට ගෙන සියල්ලන්ම ම බලවත් වී උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන බවත් ය. (ක්‍රියා 1 : 8)


ජේසුස් වහන්සේ ඔවුන්ට දුන් පොරොන්දුව අපේක්ෂාවෙන් එදා මුල් කිතුනු සභාව ජෙරුසලමේ උඩුමහලකට රැස්ව යාච්ඤා කරමින් සිටියහ. එදින ජුදෙව්වන්ගේ විශේෂ මංගල්‍ය දිනයක් විය. එනම් පෙන්තකොස්ත මංගල්‍යය හෙවත් අස්වනු මංගල්‍යයයි. මේ සඳහා විවිධ ප්‍රදේශ වලින් පැමිණි ජුදෙව්වරුන්ගෙන් ජෙරුසලම් නගරය පිරී ගොස් තිබුණි.

 

පෙන්තකොස්ත  දින ශුද්ධාත්මයාණන් වහන්සේ  මුල් කිතුනු සභාව වෙත වැඩම කළ ආකාරය විමසා බලමු.


ක්‍රියා පොතේ 2:1- 4 දක්වා අධ්‍යයනය කර ශුද්ධාත්ම ආගමනයට අදාළ පහත සඳහන් සිද්ධි අනුපිළිවෙළින් අංක කරන්න. (මෙම ක්‍රියාකාරකම අභ්‍යාස පොතේ සටහන් කරන්න)්‍

ඉහත සඳහන් අයුරින් ශුද්ධාත්මායණනගේ පැමිණිම මුල් කිතුනු සභාව විසින් අත්දකින ලදි.

ශුද්ධාත්ම බලය අත්දුටු මුල් කිතුනුවන්ගේ ජීවිත තුළ පහත ගුණාංග දක්නට ලැබුණි.

ජේසුස් වහන්සේ්ගේ කුරුසිපත්විමත් සමග මෙතෙක් බියව, සැඟව සිටි මුල් කිතුනු සභාව නොබියව ජනතාව ඉදිරියට ගොස් උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරූහ. එම නිසා මෙම සිදුවීම කිතුනු සභාවේ උපත ලෙස හැඳින්වේ.


එසේ ම ඔබත් ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින් සවිමත් වී උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරීමට ඉදිරිපත් වන්න. ඒ සඳහා ඔබට සැම විට ම ශුද්ධාත්මයාණන් වහන්සේ මඟ පෙන්වනු ඇත.

 

ශුද්ධාත්ම බලය අත්දකිමුඑ; සාක්ෂි දරමු!