34 - ගැටලු විසඳීම 2
(1) විසඳන්න.
- පේළියකට පොල් පැළ 8 බැගින් පේළි 50ක සිටුවීමට පොල් පැළ කීයක් අවශ්‍ය ද?
- A හා B නගර දෙක අතර දුර 15 kmකි. C හා D නගර දෙක අතර දුර එමෙන් හත් ගුණයකි. C හා D නගර දෙක අතර දුර කිලෝමීටර කීය ද?
- පෙට්ටියක විදුලි බුබුළු 120ක් අසුරා ඇත. එවැනි පෙට්ටි හයක ඇති මුළු විදුලි බුබුළු ගණන කීය ද?
- සේවකයෙකුගේ දිනක වැටුප රුපියල් 975ක් වේ. ඔහු දින පහක් තුළ ඉපයූ මුළු මුදල සොයන්න.
- ළමයෙකු දිනක දී පානය කළ යුතු ජලය ප්‍රමාණය 1 l 500 mlක් වේ. ඒ අනුව ළමයෙකු දින තුනක දී පානය කළ යුතු ජල ප්‍රමාණය සොයන්න.
(2) විසඳන්න.
- චාරිකාවකට සහභාගි වන ශිෂ්‍ය සංඛ්‍යාව 432කි. සෑම බස් රථයකට ම සමාන ශිෂ්‍ය සංඛ්‍යාවක් වන පරිදි ඔවුන් බස් රථ අටකට වෙන් කරන ලදි. එක් බස් රථයක ගමන් කරන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණ ද?
- එක ම ප්‍රමාණයේ කාමර පහක බිම ඇතිරීමට පිඟන් ගඩොල් 350ක් අවශ්‍ය වේ. එක් කාමරයක් සඳහා අවශ්‍ය වන පිඟන් ගඩොල් ගණන කීය ද?
- ක්‍රීඩකයෙක් 800 m දුර දිවීමේ තරගය වට දෙකකින් සම්පූර්ණ කරයි. ඔහු එක වටයක දී දුවන දුර සොයන්න.
- පරිප්පු 27 kg 450 gක ප්‍රමාණයක් බරින් සමාන වන සේ පැකට් නවයක අසුරන ලදි. එක් පැකට්ටුවක ඇති පරිප්පුවල බර කොපමණ ද?
(3) විසඳන්න.
- පෙට්ටියක අසුරා ඇති යෝගට් ගණන 50කි. එවැනි පෙට්ටි නවයක අසුරා තිබූ යෝගට්, රැගෙන යාමේ පහසුව සඳහා නැවත පෙට්ටි තුනක අසුරන ලදි. අලූතින් ඇසුරූ පෙට්ටියක යෝගට් කොපමණ තිබේ ද?
- එක් බස් රථයක සිසුහු 48 දෙනෙක් සිටිති. එවැනි බස් රථ පහක සිටින සිසුහු, කණ්ඩායම් හතරකට වෙන් වූහ. එක් කණ්ඩායමක සිටින සිසුන් ගණන කොපමණ ද?
- එක් උරයක වෙරළු ගෙඩි 45ක් ඇත. එවැනි උර අටක ඇති වෙරළු ගෙඩි යහළුවන් හයදෙනෙකු අතරේ සමව බෙදා දෙන ලදි. එක් යහළුවෙකුට ලැබුණු වෙරළු ගෙඩි ගණන කීය ද?