හයෙහි ගුණන වගුව ගොඩනඟමු.
(1) හයෙහි ගුණන වගුව ඇසුරෙන් හිස්තැන් පුරවන්න.
6 න් ගුණ කරමු.
(2) ගුණ කරන්න.
(3) ගැටලු විසඳන්න.
- කණ්ඩායමකට ළමයින් හය දෙනා බැගින් කණ්ඩායම් 25ක සිටින ළමයින් සංඛ්‍යාව කීය ද?
- සරඹ සංදර්ශනයක එක් පෙළකට හයදෙනා බැගින් ළමයින් පේළි 32කි. සරඹ සංදර්ශනයේ සිටින ළමයින් ගණන කීය ද?
- එක පැකට්ටුවක කඩදාසි 125ක් ඇත. එවැනි කඩදාසි පැකට් හයක ඇති මුළු කඩදාසි ගණන කීය ද?
- එක් පෙට්ටියක පාට පැන්සල් හය බැගින් ඇත. එවැනි පෙට්ටි 206ක ඇති පාට පැන්සල් ගණන කීය ද?
හතෙහි ගුණන වගුව ගොඩනඟමු.
(4) හතෙහි ගුණන වගුව ඇසුරෙන් හිස්තැන් පුරවන්න.
7 න් ගුණ කරමු.
(5) ගුණ කරන්න.
(6) ප්රහේළිකාව සම්පූර්ණ කරන්න.
(7) ගැටලු විසඳන්න.
- සති 42ක ඇති දින ගණන සොයන්න.
- නේවාසිකාගාරයේ එක් කාමරයක සිසුන් හත් දෙනෙකුට නේවාසික විය හැකි ය. නේවාසිකාගාරයේ එවැනි කාමර 18ක් ඇත. එහි නේවාසික විය හැකි සිසුන් ගණන කීය ද?
- දැල්පන්දු කණ්ඩායමකට සිටින ක්‍රීඩිකාවන් ගණන හතකි. එවැනි කණ්ඩායම් 107ක සිටින මුළු දැල් පන්දු ක්‍රීඩිකාවන් ගණන කීය ද?
- ලොරියකින් එක් වරක දී ගඩොල් කැට 790ක් ගෙන යා හැකි ය. එවැනි ගමන් වාර හතක දී එම ලොරියෙන් ගෙන යා හැකි මුළු ගඩොල් කැට ගණන කීය ද?