26 - ගුණ කිරීම 3

අටෙහි ගුණන වගුව ගොඩනඟමු.

(1) 8 හි ගුණන වගුව ඇසුරින් හිස්තැන් පුරවන්න.

 

(2) ගුණිතයට ගැළපෙන පිළිතුර තෝරා යා කරන්න.

 

අටෙන් ගුණ කරමු.

 

(3) ගුණ කරන්න.

(4) ගැටලු විසඳන්න.

  1. මාලයක් සෑදීමට පබළු 79ක් අවශ්‍ය වේ. එවැනි මාල අටක් සෑදීමට අවශ්‍ය පබළු සංඛ්‍යාව කොපමණ ද?
  2. වත්තක රබර් ගස් එක් පෙළකට අට බැගින් පේළි 160ක් ඇත. වත්තේ තිබෙන මුළු රබර් ගස් ගණන කොපමණ ද?
  3. ඇඳුමකට බොත්තම් අටක් බැගින් අල්ලා ඇදුම් 425ක් මසා ඇත. ඇඳුම්වලට අල්ලන ලද මුළු බොත්තම් ගණන කීය ද?

නවයෙහි ගුණන වගුව ගොඩනඟමු.

(5) 9 හි ගුණන වගුව ඇසුරින් හිස්තැන් පුරවන්න.

(6) 9 හි ගුණන වගුව ඇසුරින් හිස් කොටු පුරවන්න. 

නවයෙන් ගුණ කරමු.

(7) ගුණ කරන්න.

(8) ගැටලු විසඳන්න.

  1. පන්තියක සිසුහු 48 දෙනෙක් සිටිති. එක් සිසුවෙකුට අභ්‍යාස පොත් නවය බැගින් ලබා දීමට අවශ්‍ය මුළු පොත් ගණන කීය ද?
  2. තවානක එක් පේළියකට අඹ පැළ නවයක් ඇත. තවානේ එවැනි පේළි 125ක් ඇත. තවානේ ඇති මුළු අඹ පැළ ගණන කීය ද?
  3. එක් ඇසුරුමක ටෙනිස් බෝල නවයක් ඇත. එවැනි ඇසුරුම් 340ක ඇති ටෙනිස් බෝල ගණන කීය ද?
  4. එක වට්ටියක නෙලූම් මල් නවයක් ඇත. එවැනි වට්ටි 500ක ඇති නෙලූම් මල් ගණන කොපමණ ද?

දහයෙන් ගුණ කරමු.

(9) හිස්තැන් සම්පූර්ණ කරන්න.

(10) ගුණ කරන්න.

(11) ගුණ කරන්න.

(12) ගැටලු විසඳන්න.

  1. පෙට්ටියක නූල් පන්දු දහයක් ඇත. එවැනි පෙට්ටි 25ක ඇති නූල් පන්දු ගණන කොපමණ ද?
  2. දිවුල් ගෙඩි දහය බැගින් වූ ගොඩවල් 80ක් විකිණීමට තබා ඇත. විකිණීමට තබා ඇති මුළු දිවුල් ගෙඩි ගණන කීය ද?
  3. එක් ඇසුරුමක යෝගට් දහයක් ඇත. එවැනි ඇසුරුම් 95ක ඇති යෝගට් ගණන කීය ද?