18 - දශම

දශම සංඛ්‍යා හඳුනා ගනිමු.

  • පහත කඩදාසි තීරුව සමාන කොටස් 10කට බෙදා එයින් එක කොටසක් පාට කර තිබේ. පාට කළ කොටසින් දැක්වෙන්නේ කඩදාසි තීරුවෙන් දහයෙන් පංගු එකකි. එය 1/10 ලෙස ලියනු ලැබේ.

1/10 තවත් ආකාරයකට දැක්විය හැකි ය. එනම්, දශම සංඛ්‍යාවක් ලෙස 0.1 ආකාරයට ය. එය බින්දුවයි දශම එක ලෙස කියවනු ලැබේ.

(1)

  1. ඉහත රූපය සමාන කොටස් කීයකට බෙදා තිබේ ද?
  2. එහි පාට කළ කොටස් ගණන කීය ද?
  3. (a) පාට කළ ප්‍රමාණය මුළු රූපයෙන් භාගයක් ලෙස ලියන්න.
    (b) එම භාගය, දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න.

(2) එක් එක් රූපයේ පාට කළ ප්‍රමාණය දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න.

(3) එක් එක් භාගය, දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න.

(4) එක් එක් දශම සංඛ්‍යාව, භාගයක් ලෙස ලියන්න.

(5) වගුව සම්පූර්ණ කරන්න.