(1) පහත දක්වා ඇති පලතුරු බීම වර්ගවල ඇති මුළු බීම ප්‍රමාණය කොපමණ ද?
(2) ගුණ කරන්න.
(3) විසඳන්න.
- පන්ති කාමරයක ආලේප කිරීමට තීන්ත 4 l 400 mlක් අවශ්‍ය වේ. එවැනි පන්ති කාමර තුනක ආලේප කිරීමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය කොපමණ ද?
- බැරලයකට තෙල් 10 l 450 mlක් පිරවිය හැකි ය. එවැනි බැරල් දෙකකට පිරවිය හැකි මුළු තෙල් ප්‍රමාණය කොපමණ ද?
- ටැංකියක් සම්පූර්ණයෙන් පිරවීමට ජලය 300 lක් අවශ්‍ය වේ. එවැනි ටැංකි පහක් සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ජලය ප්‍රමාණය කොපමණ ද?
- රසකැවිලි නිෂ්පාදන ආයතනයකට දිනකට පොල් පැණි 45 l 250 mlක් අවශ්‍ය වේ. දින පහකට අවශ්‍ය මුළු පොල් පැණි ප්‍රමාණය කොපමණ ද?
(4) බෙදන්න.
(5) විසඳන්න.
- කුඩා බැරලයක පොල් තෙල් 45 l 750 mlක් ඇත. එය සමාන ප්‍රමාණවලින් භාජන පහකට දමනු ලැබේ. එක භාජනයක ඇති පොල් තෙල් ප්‍රමාණය කොපමණ ද?
- එක ම ප්‍රමාණයේ මල් බඳුන් හතරක් පින්තාරු කිරීමට තීන්ත 24 l 600 mlක් අවශ්‍ය වේ. එක් බඳුනක් පින්තාරු කිරීමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය කොපමණ ද?
- එක සමාන ජල ප්‍රමාණයක් අල්ලන බාල්දි 3ක් සම්පූර්ණයෙන් පුරවා ඇත. ඒවායේ ඇති ජලය හිස් ටැංකියකට දැමූ පසු එහි ඇති මුළු ජල ප්‍රමාණය 15 l 120 mlක් වේ. එක බාල්දියක තිබූ ජල ප්‍රමාණය කොපමණ ද?
- කමල් උත්සවයක් සඳහා අවස්ථා පහක දී සමාන ප්‍රමාණවලින් අයිස්ක්‍රීම් ගෙනාවේ ය. ගෙනෙන ලද මුළු අයිස්ක්‍රීම් ප්‍රමාණය 25 l 750 mlකි. ඔහු එක් අවස්ථාවක දී ගෙන ආ අයිස්ක්‍රීම් ප්‍රමාණය කොපමණ ද?