14 - බර මැනීම 1

බර මැනීම සඳහා විවිධ තරාදි භාවිත වේ.

(1) ගුරුතුමා / ගුරුතුමිය විසින් විවිධ ප්‍රමාණයෙන් වැලි පුරවන ලද පාර්සල් 4ක් ඔබට ලබා දෙනු ඇත. එම පාර්සල් A,B,C,D ලෙස ලේබල් කරන්න. එක් එක් පාර්සලයේ බර නිමානය කරන්න. තරාදියක් භාවිත කර එම නිමාන නිවැරදි දැයි බලන්න. ඒ අනුව පහත වගුව සම්පූර්ණ කරන්න.

(2) එක් එක් තරාදියේ ඇති ද්‍රව්‍යයේ බර ලියන්න.

(3) පිළිතුරු සපයන්න.

(4) වගන්ති ලියා විසඳන්න.

  1. එක් සහල් මල්ලක බර 5 kg 500 gකි. අනෙක් සහල් මල්ලේ බර 8 kg 750 gකි. සහල් මලූ දෙකේ මුළු බර කොපමණ ද?
  2. ගෝනියක තිබූ තේ දලුවල බර 21 නට 250 ටකි. එයට තව තේ දලු 17 නට 750 ටක් එකතු කරන ලදි. දැන් ගෝනියේ ඇති තේ දලුවල මුළු බර කොපමණ ද?
  3. එක් කෙසෙල් ඇවරියක බර 2 kg 850 gකි. තවත් කෙසෙල් ඇවරියක බර 1 kg 300 gකි. කෙසෙල් ඇවරි දෙකේ මුළු බර කොපමණ ද?
  4. වෙළෙන්දෙක් තමන් මිල දී ගත් ගම්මිරිස් 12 kg 750 gකට ගෙවත්තෙන් ලබා ගත් ගම්මිරිස් 2 kg 500 gක් එකතු කළේ ය. වෙළෙන්දා ළඟ ඇති ගම්මිරිස්වල මුළු බර කොපමණ ද?

(5) විසඳන්න.

(6) වගන්ති ලියා විසඳන්න.

  1. වෙළෙන්දෙක් බතල 65 kg 700 gකින් බතල 31 kg 800 gක් විකුණුවේ ය. ඉතුරු බතල ප්‍රමාණයේ බර කොපමණ ද?
  2. අයියාගේ බර 46 kg 250 gකි. මල්ලීගේ බර 32 kg 500 gකි. අයියා මල්ලීට වඩා කොපමණ බරින් වැඩි ද?
  3. විකිණීම සඳහා 50 kgක් බැගින් පත්තර මිටි බඳිනු ලැබේ. පත්තර ගොඩක බර 42 kg 750 gකි. පත්තර මිටියක් සෑදීම සඳහා තව කොතරම් බර ප්‍රමාණයක පත්තර අවශ්‍ය වේ ද?
  4. වෙළෙන්දෙක් සිරිල්ගෙන් රාබු 20 kg 250 gක් ද, ගුණපාලගෙන් රාබු 15 kg 750 gක් ද මිල දී ගත්තේ ය. ගුණපාලට වඩා සිරිල්ගෙන් මිල දී ගත් රාබුවල බර කොපමණ ද?