30 - බර මැනීම 2
(1) පිළිතුරු සපයන්න.
(2) ගැටලු විසඳන්න.
- ඉඳිආප්ප සෑදීමට දිනකට සහල් පිටි 1 kg 250 gක් අවශ්‍ය වේ. දින 3ක් සඳහා ඉඳිආප්ප සෑදීමට අවශ්‍ය සහල් පිටිවල බර කොපමණ ද?
- එකක බර 30 kg 500 g බැගින් වූ සහල් ගෝනි 5ක් ලොරියකට පටවන ලදි. ලොරියට පටවන ලද සහල් ගෝනිවල බර කොපමණ ද?
- කෝපි තොගයක් 15 kg 700 gක් බැගින් ගෝනි 3කට දමා ඇත. කෝපි තොගයේ බර කොපමණ ද?
- පෙට්ටියක අර්තාපල් 52 kg 300gක් අසුරා ඇත. අර්තාපල් ඇසුරූ එවැනි පෙට්ටි 4ක බර කොපමණ ද?
(3) පිළිතුරු සපයන්න.
(4) ගැටලු විසඳන්න.
- සමාන බරින් යුතු බිස්කට් පෙට්ටි 2ක බර 6 kg 500 gකි. එක් බිස්කට් පෙට්ටියක බර කොපමණ ද?
- පියාගේ බර පුතාගේ බර මෙන් පස් ගුණයකි. පියාගේ බර 75 kg 500gකි. පුතාගේ බර කොපමණ ද?
- කැරට් 9 kg 450 gකින්, සමාන බරින් යුතු මලූ 3ක් සකසන ලදි. එක් මල්ලක ඇති කැරට්වල බර කොපමණ ද?
- වෙළෙන්දෙක් 64 kg 500 gක් බර සහල් ප්‍රමාණයක් සමාන බර ඇති ගොඩවල් 4කට වෙන් කරයි. එක් ගොඩක බර කොපමණ ද?