6 න් බෙදමු.
(1) දීර්ඝ බෙදීමේ ක්‍රමයට පිළිතුරු ලබා ගන්න.
(2) දීර්ඝ බෙදීමේ ක්‍රමයට ගැටලූ විසඳන්න.
- පොල්ගෙඩි 96ක් 6 බැගින් කී දෙනෙකුට ලබා දිය හැකි ද?
- පොල් පැළ 900ක් එක් අයෙකුට 6 බැගින් ගොවීන් අතර බෙදාදීමට නියමිත ය. ඒවා ගොවීන් කී දෙනෙකුට බෙදාදීමට ප්‍රමාණවත් ද?
- සිරිල්, වත්තක අන්නාසි පැළ 785ක් එක් පේළියකට 6 බැගින් සිටවූයේ ය. එසේ සිටුවන ලද පේළි ගණන කීය ද? ඉතුරු පැළ ගණන කීය ද?
- රාධා තෑගිදීම සඳහා පොත් 892ක් පොත් 6 බැගින් පාර්සල් කළා ය.
- පොත් 6 බැගින් වූ පාර්සල් ගණන කීය ද?
- තවත් එවැනි පාර්සලයක් සැකසීමට ඉතුරු පොත් ගණනට තව පොත් කීයක් අවශ්‍ය ද?
7 න් බෙදමු.
(3) දීර්ඝ බෙදීමේ ක්‍රමයට පිළිතුරු ලබා ගන්න.
(4) දීර්ඝ බෙදීමේ ක්‍රමයට ගැටලූ විසඳන්න.
- අධ්‍යාපන චාරිකාවක් යාමට තව දින 56ක් ඇත. එම දින ගණන, සති කීයක් ද?
- සයුරි, පංච ක්‍රීඩාව සඳහා යොදා ගන්නා බෙල්ලන් 728ක්, 7 බැගින් පැකට් කළා ය. සාදන ලද පැකට් ගණන කීය ද?
- පාසලක සිටින සිසුන්ට බෙදා දීමට අභ්‍යාස පොත් 905ක් ලැබුණි. එක් සිසුවෙකුට පොත් 7 බැගින් බෙදා දුන් විට පොත් 2ක් ඉතුරු විය. පාසලේ සිටින සිසුන් සංඛ්‍යාව කීය ද?
- සේවකයෙක් සහල් ගෝනි 714ක් ලොරි රථ 7කට සමාන ප්‍රමාණවලින් පැටවී ය. එක් ලොරි රථයකට පටවා ඇති සහල් ගෝනි ගණන කීය ද?