පන්තියට පැමිණි ගුරුතුමිය "සෑම දෙනාට ම තෙරුවන් සරණයි, යහපතක් ම වේවා! දරුවනේ” යනුවෙන් ආශීර්වාද කළා ය. "තෙරුවන් සරණයි! යහපතක් ම වේවා! ගුරු මෑණියනි” සිසුහු ද ගුරුතුමියට ආශීර්වාද කළහ.
"දරුවනේ, අද මම ඔයාලා සෑම දෙනාට ම මෙත් වැඩීමේ වටිනාකම ගැන කියලා දෙන්නම්. අපි මෛත්රි භාවනාව පුරුදු කරගන්න ඕනේ. මෛත්රී යනු මෙත් වැඩීමයි. හොඳ කල්යාණ මිත්ර ගුණ ඇත්තකු වන්න නම් මෙත් වැඩීම තමන් තුළ වර්ධනය කර ගන්න ඕනේ.
සිත, කය, වචනය කියන්නේ තුන් දොර කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි මේ තුන් දොරින් ම මෛත්රීය වඩන්නට පුරුදු වෙන්න ඕනේ. මෛත්රීය වැඩීමට පුහුණු වීමෙන් සිතෙන් මෛති්රය සැම දෙනා වෙත පතුරවන්න අපට පුළුවන් වෙනවා. තමන්ටත් අනුන්ටත් යහපතක් ම සිදුවේවා, දුකක් නොම වේවා යැයි සිතීමෙන් අපට මෛත්රිය පැතිරවීමට පුළුවන්. දරුවනේ බොරු කීම, පරුෂ වචන කීම, කේලාම් කීම ආදියෙන් වැළකී මිතුරුකම ඇති වන ප්රිය වචන කතා කිරීමෙන්, වචනයෙන් මෛත්රීය පතුරවන්න අපට පුළුවන්.
ඒ වගේ ම නැති බැරි අයට අවශ්ය දේ පරිත්යාග කිරීම, දුම්රිය, බස්රිය ආදියේ දී ගර්භිණී මවුවරුන්ට, ආබාධිත අයට, වැඩිහිටියනට තම ආසනය පරිත්යාග කිරීම ආදි ක්රියා සිදු කිරීමෙන්, අපට කයින් මෛත්රිය පතුරවන්න පුළුවන්.”
"තමාගේ සිට විශ්වයේ වසන සැම දෙනා වෙත ම මෛත්රිය පතුරවන්න අපි පුරුදු පුහුණු විය යුතුයි,” යැයි ගුරුතුමිය පැහැදිලි කළාය.
"හොඳයි, එහෙනම් දැන් ගැහැනු ළමයි, අර්ධ පර්යංකයෙනුත් පිරිමි ළමයි බද්ධ පර්යංකයෙනුත් වාඩි වෙන්න.
කය ඍජුව තබා ගෙන දිගු හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. නැවතත් එසේ කිහිප වරක් කර, කය සැහැල්ලූ කර ගන්න.
දැන් දෙනෙත් පියාගන්න. මෙසේ කියන්න.
මගේ සිත පිරිසිදු ය පිරිසිදු ය පිරිසිදු ය
මගේ සිත සන්සුන් ය සන්සුන් ය සන්සුන්ය
මගේ සිත තැන්පත් ය තැන්පත් ය තැන්පත් ය
මගේ සිත පිරිසිදු ය සන්සුන් ය තැන්පත් ය
මම නිදුක් වෙම්වා! නීරෝගී වෙම්වා!
සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් ලබම්වා!
මා මෙන් ම මාගේ දෙමාපියෝ ද, වැඩිහිටියෝ ද, ගුරුවරයෝ ද, නෑදෑයෝ ද, හිතවන්තයෝ ද, අහිතවන්තයෝ ද නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් ලබත්වා!
මේ ගමේ වසන්නා වූ ද, මේ නගරයෙහි වසන්නා වූ ද, මේ රටෙහි වසන්නා වූ ද, මේ සක්වළෙහි වසන්නා වූ ද, සියලූ සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් ලබත්වා!
මෙසේ පුරුදු පුහුණු කළ යුතු මෛත්රී භාවනාව දිනකට මිනිත්තු දහයක් ප්රගුණ කරන ලෙස ගුරුතුමිය උපදෙස් දුන්නා ය.
මෛතී්ර භාවනාව වැඩීම මෙන් ම බුද්ධ වන්දනාවෙන් පසු බුදු ගුණ භාවනාව ද වැඩීමට අපට පුළුවන. ඒ සඳහා බුදු පිළිම වහන්සේ දෙස හොඳින් බලා සිටීමත් දෙනෙත් පියාගෙන සිතින් බුදු රුව මවා ගැනීමත් අවශ්ය වෙනවා. ඉන් පසු බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ සිතින් මෙනෙහි කරමින් බුදු ගුණ භාවනාව වැඩිය හැකි ය.
බුද්ධ වන්දනාවේ දී කියන "ඉතිපිසෝ" පාඨය මෙහි දී සිහි කළ හැකි ය. එක් එක් බුදු ගුණය වෙන් වෙන් වශයෙන් සිහිපත් කරමින් භාවනා කිරීම එක් ක්රමයකි. නැතිනම් එකම බුදු ගුණයක් මෙනෙහි කරමින් භාවනා කිරීම තවත් ක්රමයකි.
අපේ පැරැණි මුතුන්මිත්තෝ බුදු ගුණ භාවනාව සඳහා ඇට වැලක් භාවිත කළා. එම ඇට වැලෙහි ඇට එකසිය අටක් තිබුණා. ඉතිපිසෝ පාඨය එක් වරක් කියා එහි එක් ඇටයක් මෑත් කරනවා. මෙසේ දිගින් දිගට ම ඉතිපිසෝ පාඨය කියමින් බුදු ගුණ භාවනාව සිදු කරනවා. නව අරහාදී ගුණ සිහිපත් කරමින් මෙම භාවනාව සිදු කළ නිසා එම ඇට වැල නව ගුණ වැල නමින් හඳුන්වන බව ගුරුතුමිය අපට කීවා ය.