ශරීර වර්ධනයට අවශ්‍ය ආහාර
- ශරීරයට ශක්තිය ලැබෙන ආහාර - පාන්, බත්, කොස්, දෙල්
- ශරීරය වඩවන ආහාර - මස්, මාළු, කිරි, බිත්තර, කරවල, පරිප්පු, ධාන්‍යවර්ග
- ශරීරය ආරක්ෂා කරන ආහාර - නිවිති, ගොටුකොළ, සරාණ, කැරට්, වට්ටක්කා
- ආහාර වල අඩංගු ප්‍රධාන පෝෂක - කාබොහයිට්ඩ්‍රේඩ්, ප්‍රෝටීන්, විටමින්, ලිපිඩ, ඛනිජ
- කාබෝහයිට්ඩ්‍රේඩ් අඩංගු ආහාර - බත්, පාන්, කොස්, අල, බතල
- ප්‍රෝටීන් අඩංගු ආහාර - මස්, මාළු, කිරි, බිත්තර, කරවල, පරිප්පු, ධාන්‍ය වර්ග
- විටමින් බහුල ආහාර - දෙහි, ගස්ලබු, නිවිඩු හාල්, තක්කාලි
- ලිපිඩ බහුල ආහාර - එළවළු, ගිතෙල්, තලතෙල්, කජු, බටර්, රටකජු
- ඛනිජ බහුල ආහාර - මුගුනුවැන්න, ගොටුකොළ, හාල්මැස්සන්, නිවිති
- කැල්සියම් බහුල ආහාර - පලා වර්ග, කුඩා කටු සහිත මාළුන්, කිරි, කොකෝවා
- යකඩ අඩංගු ආහාර - මස්, පීකුදු, බිත්තර, නිවිති, සාරණ
- පොස්පරස් අඩංගු ආහාර - මස්, කේජු, කව්පි, සුදුලුනු, සෝයා බෝංචි
- සෝඩියම් අඩංගු ආහාර - මේස ලුණු, මස්, කිරි, බිත්තර
- අයඩින් අඩංගු ආහාර - මුහුදු මාළු, අයඩීන් මිශ්‍ර ලුණු
- ෆ්ලුවරින අඩංගු ආහාර - පානීය පිරිසිදු ජලය
විටමින් ඌනතාවය නිසා වැළදෙන රෝග හදුනා ගනිමු.
- විටමින් A - හම වියලීම, කොරපොතු මතු වීම, ඇස්වල ආබාධ, රාත්‍රියේ ඇස් නොපෙනීම
- විටිමින් B - බැරි බැරියාව, හෘද ආබාධ, රක්තහීනතාව
- විටමින් C - ශිතාද රෝගය, විදුරු මහෙන් ලේ යාම, දත් බුරුල්විම, ශරිරයේ බර අඩු වීම
- විටමින් D - මාන්දම, දත් හා අස්ථි නොවැඩීම, රුධිරය කැටි ගැසීම
- කැල්සියම් - කුරුවීම, අස්ථි හා දත් දුර්වල වීම
- යකඩ - රක්තහීනතාවය
- අයඩින් ඌනතාවය - ගලගණ්ඩය, කුරුවීම
- ෆ්ලුවරින් ඌනතාවය නිසා වැළදෙන රෝග - දත් දිරා යාම, දත් පුල්ලි ඇති විම
ආහාර විෂවීම වළක්වාගත හැකි ආකාරය
- පරිභෝජනයට පෙර එළවළු පලතුරු වර්ග හොදින් සෝදා ආහාරයට ගැනීම
- පිසු ආහාර කෘමි සතුන්ට ළගාවීමට නොහැකි වන සේ ආවරණ කර තැබීම
- විනාකිරි යෙදු ආහාර ලෝභ භාජනවල නොදැමී ම
- ඇසුරුම් කරන ලද ආහාර කල් ඉකුත් වීමේ දිනය හොදින් පරික්ෂා කර පරිහරණයට ගැනීම
- ආහාර පිසීමට පෙර භාජන හොදින් සේදීම, පිරිසිදු ආහාර සැකසීම, ආහාර ගැනීමට පෙර දෑත් පිරිසිදු කිරීම
ජලය අපිරිසිදු වීම නිසා වැළදෙන රෝග - පාචනය, අතීසාරය, උණ සන්නිපාතය, කොළරාව, සෙංගමාලය
ආහාර කල් තබා ගත හැකි පැරණි ක්‍රම හා නවීන ක්‍රම
- මාළු ලුණු දමා ජාඩි දැමීම
- මාළු වේලා කරවල කර ගැනීම
- මස්, මාළු දුම් ගසා වියළා දුං කරවල සාදා තබා ගැනීම
- දෙහි ලුණු දමා (ලුණු දෙහි) ලෙස කල් තබා ගැනීම
- කොස් ඇට වැලි යට කර වැලි කොස් ඇට දැමීම
- කොස් මදුළු , කොස් ඇට, දෙල්, තම්බා අව්වේ වේලා පැණි දමා ආහාරය ගැනීම
- මස් මී පැණි වල බහා කල්තබා ගැනීම
- ශීතකරණයේ තැබීම ( මස්, මාළු, එළවළු, පලතුරු)
- ටින් හා බෝතල් වල ඇසිරිීම (සැමන්, කල්කිරි, චට්නි, කෝඩියල්, ජෑම්)
- නවීන තාක්ෂණ ක්‍රම වලින් වියළීම (මිදි , කරවල)