උපමාවක් යනු කුමක්ද?
යම් වස්තුවක් ,ස්ථානයක් පුද්ගලයෙක් හෝ යම් අවස්ථාවක් වඩාත් හොදින් විස්තර කිරීම හෝ පැහැදිලි කිරිිිිිිිිිිිම සදහා තවත් දෙයකට සමාන කර දැක්වීමයි. ඒ අනුව යම් දෙයක් තවත් දෙයකට උපමා කිරීමේදී මෙන් , සේ, වැනි, බදු ,වාගේ , ලෙස එව් ආදී වු නිපාත උපකාරී කර ගනී.
- උපමේය
- උපමාව
නිදසුනක් ලෙස ,
ඇගේ දත් මුතුකැට මෙන් පියකරුය
- මෙහිිිි ඇගේ දත් යනු උපමේය වේ.
- මුතු කැට යනු උපමාව වේ.
ඉගි වැකි
- හොර ගල් ඇහිලීම - අවස්ථාව එන තෙක් කෙනෙකුට නොදැනෙන සේ සිටිම
- හෙණහුරා ලැබීම - සියලු දේ අවාසි සහගතව සිදුවීම
- දවල් හීන - සිදු නොවන දෙයක් ගැන අපේක්ෂාවෙන් සිටීම
- පොත් ගුල්ලා - නිතර පොත් කියවන්නා
- අත දීම - උදව් කිරීම
- උගුරට දෙකට - ඉතා ඉක්මනින්
- ඉල් පන්දම් දීම - නරක දෙයකට උදව් කිරීම
- පෙරළා පැමිණීම - ආපසු ඒම
- අඹ යාළුවා - හොදම මිතුරා
- කරල පැහීම - ලොකු වාසියක් ලැබීම
- උඩින් පල්ලෙන් - නොසැළකිලිමත් ලෙස
- කුකුළා අතින් අරන් - හිමිදිරි පාන්දරින්ම
- ඇමක් ගිලලා - අනුන්ගෙ උගුලකට අහුවෙලා
- පණ ගියා - හුගක් වෙහෙස උනා
- දෙපත් නයෙක් - දෙපැත්තටම තොරතුරු කියන කෙනෙක්
- ගොළුබෙලි ගමන - ඉතා සෙමෙන් වැඩ කිරීම
- ලෑල්ලට පෑගුවා - ඉතා වේගයෙන් ගියා
- හිත උණු වුණා - දුක හිතුනා
- ඉවසීමෙන් සැනසීම ලැබේ - කලබල වී කටයුතු කිරීම හොද නැත
- ඇවිලෙන ගින්නට පිදුරු දැමීම - සිදුවී ඇති ප්‍රශ්නය තව දුරටත් වැඩි කිරීම
- කිරි ගහට ඇන්නා වාගේ - හරියටම හරි
- කිඹුල් කදුලු - බොරු කනගාටුව
- එක පයින් - ඉතා කැමැත්තෙන්
- මිරිස් කරල වාගේ - ඉතා සැරයි
- ඇගේ මාළු නැටීම - බොහෝ කේන්ති යාම
- ඇගේ ලේ වතුර වුණා - දැඩි ලෙස බිය වීම
- අනූනවයෙන් බේරුණා - ලොකු කරදරයකින් බේරීම
- කජු කන්නා වගේ - එය ඉතා පහසුයි
- හිත උණු වුණා - දුක හිතුණා
- තරු විසි වීම - ලොකු වේදනාවක් දැනීම
- වහ කදුරු වගේ - දැඩි අකමැති
- ගල් ගැහුණා - පුදුමයට පත් වුණා
- මුරුංගා අත්තෙ තියනවා - ප්‍රමාණය ඉක්මවා වර්ණනා කරනවා
- සායම ගියා - නම කීර්තිය නැති වුණා
- ලුණු ඇඹුල් ඇතිව - හිත පෑරෙන ලෙස කතා කිරීම
- අනුන්ගෙ පානෙන් එලිය බලන - අනුන් මත යැපෙන
- මූනෙ දැලි ගානවා - අවනම්බු කරනවා
- ආ පයින් යනවා - පැමිණි විගසම පමා නොවී ආපසු යෑම
- බොර දියේ මාළු බානවා - කෙනෙක් අමාරුවේ වැටුනු විට වෙනත් අයෙක් ප්‍රයෝජන ගැනීම
- තැනේ හැටියට ඇණේ ගහනවා - අවස්ථාවට උචිත පරිදි ක්‍රියා කිරිීම
- මුණිවත රකිනවා - නිහඩව සිටිනවා
- හාවක් හුවක් නෑ - කිසිම කතා බහක් නැතිව
- රජ ගෙදර පරවියා - අධික සැප සම්පත් විදීම
- වැල්වටාරම් - අවස්ථාවට නොගැලපෙන අනවශ්‍ය විස්තර කිරීම
- රූකඩයක් වාගේ සිටීම - නිහඩව සිටීම
- කෝපි කාලයේ වැඩ - පරණ කාලයේ වැඩ
- අතු කඩා මොර කෑම - ආදායම් මාර්ග අහුරා ගැනීම
- අඩන්න ඕනෙලු කිරි එන්න - යමක් ලැබීමට උත්සහවන්ත විය යුතුය
- මල පොතේ අකුරක් බෑ - කිසිවක් ඉලන නොගත්
- හාංකවිච්චියක් - යන්තමින්වත් නොදන්නා
- හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ - යම් කෙනෙකුට හොද අයෙක් වේද නරක අයෙක් වේද යන්න කුඩා කාලයේදිම ගතිගුණවලින් දැනගැනීම
- නවනිංගිරාව - නින්දා අපහාස විදීම
- එක මල්ලේ ලුණු කෑ - එකට ඇසුරු කරන
- කර ළගට එරීම - වැඩ අධික විම
- අකුල් හෙළනවා - බාධා කරනවා
- මීයට පිම්බා වගේ - දැඩි නිහඩතාවයකින්
- ඉණිමගට පයින් ගැසීම - උදව් කළ අය පසුව අමතක කිරීම
- අංගපුලාවක් නැති - යහපත් හැසිරීමක් නැති
- උගුරට හොරා බෙහෙත් කෑම - ඉතා අකමැත්තෙන් යමක් කිරිිම
- හිස් ලු ලු අත යෑම - අරමුණක් තොරව යාම
- ඇගේ එල්ලෙනවා - බලෙන් සම්බන්ද වීම
- උණු කැව්ම් වාගේ විකුණුවා - ඉතා ඉක්මනින් විකිණීම
- කාන්තාරයේ නැව - ඔටුවා
- මිටින් හල කුරුල්ලෙක් මෙන් - නිදහසේ ප්‍රීතියෙන්
- රිය පණ ගැන්වීම - රිය ගමන පටනි ගැනීම
- ඉමක් නොපෙනෙන - ඉතා දුර