ඇඟිලි ගනිමින් - වෙලාව එන තෙක් නොඉවසිල්ලෙන්
හැල හොල්මනක් නැහැ - බතා නිශ්ශබ්දය
වහ කඳුරු වගේ - ඉතා අකැමැති
ගල් ගැහුණා - පුදුමයට පත් වුණා
කඹ ඇදීමක් - එකග බවක් නැති බව
ඉබා ගාතේ යනවා - අරමුණකින් තොරව කටයුකු කරනවා
අලගු තියන්නවත් බැරි - සුළුවෙන් සමාන කළ නොහැකි
අමු කැවිලා - දැගිලිල්ල වැඩිවෙලා
අර අඳිනවා - සූදානම් වෙනවා
ආපයින් යනවා - ඇවිත් ඒ සැනින්ම නැවත යෑම
හීත උණු වුණා - දුක සිතීම
හිත මොළොක් විය - කරුණාවක් ඇතිවීම
රෑ දුටු හීනයක් වගේ - යමක් දුටුවත් එයින් පලක් නොවීම
පණ ගියා - ගොඩාක් වෙහෙස වුණා
අතපල්ලෙන් වැටුණු - කාත් කවුරවත් නැති
ඇතැඹුලක් සේ දැනගත් - සම්පූර්ණයෙන්ම දැන ගත්
නවනිංගිරාව - නින්දා අපහාස විදිම
පනින්නට පෙර සිතා බලනු - යමක් කිරීමට පෙර එහි ප්‍රතිඵලය හොද ද නරක ද යන්න සිතා බැලිීම
එක මල්ලේ ලූණු කෑ - එකට ඇසුරු කරන
අත් පා බැද තබා - නිදහසක් නැතිකොට
උඩ පැන්නොත් බිම වැටේ - වඩාත් ආඩම්බර වීම නුසුදුසු බව
පැළ දළු දමා සිනාසේ - පැල හොදින් වැඩෙන බව
කාන්තාරයේ සිටින නැව - ඔටුවා
ජංජාලය - අවුල් ගොඩක පැටලීම
මිරිස් කරල වගේ - ඉතාමත් සැරයිි
කණ කොකා හඬලා - විනාශයක් ළං වෙලා
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ - යම් අයෙක් හොඳ අයෙක් වේද නරක අයෙක් වේද යන්්න කුඩා කළදීම ගතිගුණ වලින් සැනගත හැකි බව
ගොනාට අන්දනවා - මුළා කිරීමට සැරසෙනවා
හුඹස් බිය - අස්ථාන බිය
ඉස් පිල්ලක් පා පිල්ලක් නෑර - කිසිවක් අත් නොහැර
ඇඟේ එල්ලෙනවා - කුමක් හෝ දෙයකට බලෙන් සම්බන්ධවීම
සිකුරටම - ස්ථීරවම
ආයුබෝවන් කියනවා - සමුගන්නවා
අතමාරුවක් - හදිසියකදී යමෙකුගෙන් මුදල් ණයට ගැනීම
සුුදු අලියෙක් - වියදම් කරන තරමට ඵල නොලැබෙන දෙයක්
කන්ද කෙන්ද කිරීම - ලොකු දෙයක් කුඩාකර කීම
ඉහ නිකට බලා - ගෞරවාන්විත
අත දීම - උදවු කිරීම
මුළු සේසතම - සන්තකව තිබූ සියලු ධනය
හිස් ලූ ලූ අත යාම - අරමුණකින් තොරව ගමන් කිරීම
රූකඩයක් වාගේ - එක් අයෙක් තවත් අයෙකුට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීම
කැලැ නීතිය - බලවතා දුබලයා පෙළීම
මඩ ගැසීම - නින්දා කිරීම
උපන්ගෙයි පුරුද්ද - සහජ ගතිගුණ
රිය පණ ගැන්වීම - රිය ගමන පටන් ගැනීම
කත් අදිනවා - ලොකු අයට අනිසි සේ වැඩ පළ කර දෙනවා
පෙරලා පැමිණීම - ආපසු පැමිණීම
බත් පතේ වැලි වැටීම - ජීවන මාර්ගය අහිමි වීම
ඇමක් ගිල්ලා - උගුලකට හසු වීම
කෝපි කාලයේ වැඩ - පරණ කාලයේ වැඩ
උගුරට දෙකට - ඉතා ඉක්මනින්
වවුල් වත - වාසි පැත්ත ගැනීම
ඇඟ ගලවා ගන්නවා - වගකීමෙන් බේරෙනවා
උගුරට දෙකට - ඉතා ඉක්මනින්
ලුණු ඇඹුල් ඇතිව කියනවා - දෙයක් පිළිබද සියළු විස්තර කීම
සුදු ලූණු පොඩි කරනවා - බොරුවෙන් මුලා කරනවා
කනින් රිංගුවා - මුළා කරළා
ලිපි ගොනුවලටම යටත් වී - ලිපි ද්‍රව්‍ය ගැනම සැලකිල්ලෙන්
වැල් වටාරම් - අනවශ්‍ය විස්තර
අන්දුන් කුන්දුන් වී - පුදුමයට පත්වී
කසු කුසව - රහසේ කෙරෙන කතාබහ
ඉර හඳ දුටු බොහෝ - කාලයක් ජීවත් වූ
වැලේ වැල් නැතිව - මහත් ආර්ථික දුෂ්කරතා මැද
වතුරේ ගියා - අපතේ ගියා
කට වැඩියි - උවමනාවට වැඩිය කතා කිරීම
යකා නැග්ගා - තද කෝපයක් ඇති වුණා
හය හතර නොදන්නා - කිසිම දෙයක් නොදත්
අහස් මාළිගා තනනවා - නොකෙරෙන දේවල් සැලසුම් කිරීම
ඉර හඳ සමග සටන් වැදීම -දිවා රෑ නොබලා වැඩ කටයුතු කළා
කුකුළා අතින් අරන් - හිමිදිරි පාන්දරම
කර ළගට එරීම - වැඩ අධික වීම
ඉස්පාසුව - විවේකයක්
තරු විසි වුණා - මහත් වූ වේදනාවක් දැනීම
මොන පිස්සුද - එය එසේ නොවන බව
ඒක සුළු දෙයක් - එය ඉතාමත් පහසුයි