ඉඟි වැකි හෙවත් රූඪි 01 - 5-වසර සිංහල

ඉඟි වැකි හෙවත් රූඪි 01

භාවිත කෙරෙන වචන වල ප්‍රකටව පෙනෙන අර්ථවලට ඉඳුරාම වෙනස් අර්ථයක් ධ්වනිත වන ලෙස යොදන භාෂාත්මක යෙදුම් රුඪි නම් වේ. පුළුල් අදහසක් වචන කිීපයකිින් හකුළා තීව්‍රව අර්ථතවත්ව ප්‍රකාශ කිරීම රූඪිිවල විශේෂ ලක්ෂණයයි. ඉඟිවැකි ලෙස ද හදුන්වන්නේ රූඪි ම ය. වචනවලට ආරූඪ අර්ථයක් යෙදීම ලෙසිින්ද මෙය හදුන්වා දිය හැකිය. වාක්‍යක අර්ථය තීව්‍ර කිිරීමට මෙන් ම රසවත් කිරීමට ද රූඪි උපකාරී වෙයි. රූඪි හා ප්‍රස්ථාව පිරුළු අතර තරමක සමාන කමක් දැකිය හැකි වුවත්, සංක්ෂිප්ත බව හා ව්‍යංග්‍යාර්ථවත් බව හේතුවෙන් රූඪි වෙන් කොට හඳුනා ගැනීම පහසු වෙයි.

  1. පණට පණ ‍මෙන් -:ඉතා හිතවත් ලෙස 
  2. අං ඒම -: අහංකාර වීම
  3. අකුල් හෙලීම -: බාධා කිරීම
  4. කරල පැහිලා -: යහපත් කාලයක් උදාවෙලා
  5. දෙහි කපනවා -: දොස් පැවරීම
  6. කිඹුල් කඳුළු හෙලීම -: බොරුවට ඇඬීම
  7. මුරුංගා අත්තේ තැබීම -: බොරු වර්ණනා කිරීම
  8. සුදු ළූණු පොඩි කිරීම -: අනුන් මුලා කිරීම
  9. අකුල් හෙලීම -:යමෙකුගේ දියුණුවට ඊර්ෂියා කිරීම
  10. අනූනවයෙන් බේරුනා -:යන්තමින් බේරුණා
  11. සායම ගියා -: නම්බුව නැතිවීම
  12. ඔළුව ඉදිමිලා -:උඩගු වීම
  13. හාවක් හූවක් නැහැ -:කිසිම ශබ්දයක් නැහැ
  14. මුදුන් පෙත්තටම -:ඉතා ඉහළටම
  15. දිවෙන් දිව ගාගෙන -:ඉතාමත් හිතවත්ව
  16. පදයක් හැදීම -: අනවශ්‍ය කතාවක් ගොඩනැගිම
  17. මූදු බත් වීම -:සුන් විම හෝ විනාශ වීම
  18. කුකුළු නින්ද -: කෙටි නින්ද
  19. පොරකටු ගෙවිලා -: හානිකර තත්වයෙන් මිදිලා
  20. නහින දෙහින කාලේ -: යමක් කර කියා ගත නොහැකි කාලයේ
  21. අට පහ නොදනී -:කිසිවක් නොදන්නා
  22. ඉස්පිල්ලක් පාපිල්ලක් -: සියලුම තොරතර අඩවක් නැතිව
  23. ඉබි පහාටු සෙවීම -: අපහසු දෙයක් කිරීම
  24. වැල් වටාරම් -: අනවශ්‍ය කතා
  25. ඇඹලයා -:වැඩිකැමැත්ත
  26. කඩිරැලක් සේ -:එකමුතව වැඩ කිරීම
  27. උල් පන්දම් දීම -:අන් අයට හිරි හැර කිරීමට උපකාර කිරීම
  28. උඩින් පල්ලෙන් -:යාන්තමින්
  29. උඩ ගොස් බිම වැටීම -:භීතියට පත් වීම
  30. ඊ ගහක වේගයෙන් -:ඉතාමත් වේගයෙන්
  31. ඉමක් නොපෙන‍ෙන -:කෙළවරක් නොපෙනෙන
  32. ඉහේ මලක් පිපීම -:බොහෝ සේ සතුට පත්වීම
  33. ඉබි ගමන -:හෙමින් ගමන
  34. අඹ යාළුවෝ -:කලන මිතුරන්
  35. අත දීම -:උදව් කිරිම
  36. ඇඟිලි ගනිමින් ඉන්නවා -:නොඉවසිල්ලෙන් ඉන්නවා
  37. හැල හොල්මනක් නැති -:කථාවක් බහක් නැති
  38. රොත්තපිටින් -:සියල්ලෝම
  39. ඒක සුළු දෙයක් -:පුංචි දෙයක්
  40. කජු කන්නා වගේ -:ඉතාමත් පහසුවෙන්
  41. මිටින් හල කුරුල්ලකු මෙන් -:නිදහස ලැබීම
  42. ඇගේ ලේ වතුර වීම -: බයවීම
  43. හිත උණු වුණා -:දුක් වීම
  44. කන්ද කෙන්ද වීම -:විශාල දෙයක් සුළු දෙයක් වීම
  45. කෙන්ද කන්ද වීම -:සුලු දෙයක් විශාල කර කීම
  46. ඉවසීමෙන් සැනසීම ලැබේ -:ඉවසීම ප්‍රගුණ කිරීම
  47. ලෑල්ලට පෑගුවා -: ඉතාමත් වේගයෙන්
  48. මුරුංගා අත්තේ තියනවා -: බොරුවට වර්ණනා කිරීම
  49. කොරේ පිටට මරේ -: කරදර පිට කරදර
  50. වැල්වටාරම් -: අනවශ්‍ය විස්තර කීම
  51. බහින කලාව -: ආදායම පහත වැටීම
  52. උපාසක බළලා -: සුදන වෙස් ගත් උපාසක බළලා
  53. ගල් ගැහුණා -: බය වුණා
  54. තරු විසි වුණා -:කලබලයට පත් වුණා
  55. වහ කඳුරු වගේ -:පිලිකුල් කිරීම 
  56. මිරිස් කරල වගේ -:සැර පරුෂ බව
  57. පණ වාගේ -:ඉතාමත් ආදරයෙන්
  58. ඇඟේ මාළු නැටීම -:කේන්තියට පත් වීම
  59. උඩගෙඩි දීම -:වැරදිවැඩ කිරීමට අනුබල දීම
  60. කරබාගෙන සිටීම -:විද දරාගෙන සිටීම
  61. අදි මදි කිරීම -:යමකට තිබෙන අකමැත්ත
  62. ආවාට ගියාට -:ඕනවට එපාවට යමක් කිරීම
  63. හෙණහුරා ලැබීම -:අසුබ කාලය උදා වීම
  64. ගල් පැලෙන බොරු -:දරුණු ගනයේ බොරු ප්‍රකාශ කිරීම
  65. පෙරුම්පුරනවා -:කාලාන්තරයක් තිස්සේ යමක් සිදුවන තුරු බලා සිටීම
  66. රෝන්දෙ යාම -:අනවශ්‍ය ගමන් බිමන් යෑම
  67. කණ කොකා හැඬලීම -:අසුබ කාලයක් ලැබීම
  68. උදම් අනනවා -:අගය කරනවා
  69. බටර් ගානවා -:රැවටීම
  70. පොටක් පෑදෙනවා-: අවස්ථාවක් ලැබීම