තනි පද යනුවෙන් හදුන්වන්නේ වචන කිහිපයක් වෙනුයට යෙදිය හැකි තනි වචනයි. උදා:- අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමී
- තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමියා
- දිවි ඇති තාක් - යාවජීව
- මාස දොළහක් ඉක්මයාම - සංවත්සරය
- වැඩිම ප්‍රමාණය - උපරිම
- කෙළෙහි ග්‍රණ සලකන - කෘතවේදී
- කළ ගුණ නොසලකන - අකෘතඥ
- එම කාලයට අයත් - තත්කාලීන
- සුළු කාලයකට අයක් - තාවකාලික
- බොහෝ දුර සිතා මතා කටයුත කරන - දූරදර්ශී
- ඉබේ ක්‍රියාකරන - ස්වයංක්‍රීය
- දෙකෙන් බෙදිය හැකි සංඛ්‍යා - ඉරට්ටේ
- දෙකෙන් බෙදිය නොහැකි සංඛ්‍යා - ඔත්තේ
- අඳුර වැටී රෑ බෝ වන වෙලාව - ගොම්මන
- නෙත් පිනවන - නෙත්කලු
- සිත් පිනවන - සිත්කලු
- කන් පිනවන - කන්කලු
- ජනතාව අඩු -ජන ශූන්‍ය
- මෙරටට ගෙන එන - ආනයන
- මෙරටින් විදේශවලට යවන - අපනයනය
- කොණ්ඩය කපන්නා- කරණවෑමියා
- ඇඳුම් මසන්නා- සන්නාලියා
- ආහාර පිසින්නා - අරක්කැමියා
- එක් ඇසක් නොපෙනෙන තැනැත්තා - කනා
- ඇස් දෙකම නොපෙනෙන තැනැත්තා - අන්ධයා
- රාත්‍රී කාලයේ හැසිරෙන - නිශාචර
- දහවල් කාලයේ හැසිරෙන - දිවාචර
- ප්‍රගතියට යාමට කැමති - ප්‍රගතශීලී
- වියදම් අඩුකරගැනීම - අරපිරිමැස්ම
- රඟපාන තැනැත්තා - නළුවා
- රඟපාන තැනැත්තිය - නිළිය
- පොත් පත් කියවන්නා - පාඨකයා
- සවන් දෙන්නා - ශ්‍රාවකයා
- වැස්ස ස්වල්පයක් නොමැති කාලය - නියඟය
- ගඟක් මුහුදට වැටෙන ස්ථානය - මෝය
- උෂ්ණත්වය නිසා ජලය වාෂ්ප බවට හැරීම - ගනීබවනය
- ශෝකය ඇති කරන - ශෝකජනක
- පිළිකුල ඇති කරන - පිළිකුල්ජනක
- සිනා උපදවන - හාස්‍යජනක
- රනින් කරන ලද - රන්මුවා ,රන්මය
- යකඩින් කරන ලද - අයෝමය
- ලීයෙන් කරන ලද -දැවමය
- ගලෙන් කරන ලද - ශෛලමය
- කැඩී බිදී ගොස් ඉතිරි වූ කොටස් - නටබුන්
- රජතුමා රාජ සභාවෙ හිඳගන්නා ආසනය - සිංහාසනය
- කිසියම් දෙයක් නිපදවන්නා - නිෂ්පාදකයා
- රටින් රට හැසිරෙන්නා - දේශාටකයා
- රට නියෝජනය කරන්නා - තානාදිපති
- රටට ආදරය කරන්නා - දේශප්‍රේමියා
- තමාගේ වාසියට පමණක් කටයතු කරන්නා - ආත්මාර්ථකාමී
- තමාගේ මෙන්ම අන් අයගේද යහපත උදෙසා කටයත කරන්නා - පාරාර්ථකාමී
- දිය ගොඩ දෙකෙහිම වාසය කරන - උභයජීවී
- කැඩුුණු බිදුණු තැන් සෑදීම -අලුත්වැඩියාව
- ජලයෙන් වට වූ ගොඩබිම - දූපත
- කියවීමට පොත් තබා ඇති ස්ථානය - පුස්තකාලය
- කිරි බී වැඩෙන - ක්ෂීරපායි
- රිදීයෙන් කරන ලද - රිදීමය , රිදීමුවා
- බිය උපදවන සුළු - බියජනක
- සිනාව උපදවන්නා - විකටයා
- නින්දට කැමති තැනැත්තා - නිද්‍රාශිලී
- සමාජයට කැමති - සමාජශීලී
- දෛවය ගැන අනාවැකි කියන්නා -දෛවඥයා
- ඉබේම සිදඅවන සිද්ධිය - ස්වයංසිද්ධිය
- පවුලක උපන් පලමු ළමයා - කුළුදුල්
- විස්තරයක් කෙටිකර දැක්වීම - සාරාංශය
- අහසත් මුහුදත් එකට එකතු වන ස්ථානය - ක්ෂිතිජය
- මිල කල නොහැකි - අමිල
- ශරීරයේ ගලවන සුවඳ දෑ - විලවුන්
- බොහෝ ඇසූපිරූ තැන් ඇති - බහුශ්‍රැත
- බිත්තරයෙන් උපන් - අණ්ඩජ
- තල්ලෙන් උපන් - තාලජ
- මඩෙහි උපන් - පංකජ
- දත් වලින් උපන් - දන්තජ
- අනන් විසින් පෝ්ෂණය කල - පරපුටු
- අවුරුද්දක් පාසා පැවැත්වෙන - සාංවත්සරික
- උසට ගැලපෙන මහතින් යුත් - ආරෝ්හපරිණාහ
- කැලෑවේ ඉබේ හටගන්නා ගින්න - ළැව්ගින්න
- කිසිවෙකුට දෙවනි නොවන - අද්විතීය
- කිසිම ප්‍රයෝජනයක් නැති - නිෂ්ප්‍රයෝජන
- කෙළෙහි ගුණ නොසලකන - අකෘතඥ
- දියෙහි උපන් - ජලජ
- බිත්තර වලින් උපන් -අන්ඪජ
- පාද බොහෝ ගණනක් ඇති - බහු පාද
- පුදුමය උපදවන - ජුගුප්සාජනක
- කැලයට ගොස් සතුන් මැරීම - දඩයම
- සිහිය විකල් වූ අය - උන්මන්තකයා
- නගරෙහි වාසය කරන්නා - නාගරිකයා
- කෑම බීම හිඟ කාලය - දුර්භීක්ෂය
- මිනිසුන් සමූහ වශයෙන් පදිංචි ස්ථානය - ජනාවාස
- තාපසයන් වෙසෙන ස්ථානය - අසපුව
- යමක් ඇති සැටියෙන් දැකීම - යථාවබෝධය
- සතර පාද සහිතසතා - සිවුපාවා
- ස්වාමියා මිය ගිය ස්ත්‍රිය - වැන්දඹුව
- පවතින නීතියට ගරු කිරීම - නීතිගරුක
- ගමනක් යාමේදී අවශ්‍ය උපකරණ -මාර්ගෝපකරණය
- ගං තොටක ඔරු පදින්නා - තොටියා
- ගමෙහි වාසය කරන්නා - ගැමියා
- තමන්ගේ ආරක්ෂාව - ආත්මාරක්ෂාව
- පාරම්පරික උරුමය - ප්‍රවේණිය
- මොළය අඩු තැනැත්තා - මන්දබුද්ධිකයා
- හිරු නැගී එන්නට ප්‍රථම - අරුණ