සිංහල භාෂාවේ භාවිතා කරන දිගු වැකියක් සදහා යොදන කෙටි පදය තනි පද නම් වේ
- කිරි බී වැඩෙන - ක්ෂීරපායී
- දිවා කාලයේ හැසිරෙන - දිවාචර
- රාත්‍රී කාලයේ හැසිරෙන - නිශාචර
- ජලයේ හැසිරෙන - ජලචර
- වනයේ සැරිසරන්නා - වනචාරී
- මූණ බලන කණ්නාඩිය - කැඩපත
- ඉතා වේගයෙන් යන - අධිවේගී
- තමාගේ යහපත පමණක් සලකන - ආත්මාරතකාමී
- පැරණ දේ රැස්කර තබන ස්ථානය - කෞතුකාගාරය
- කටින් කඩාගෙන කෑම - උලාකෑම
- හොදම මිතුරා - අඹ යහළුවා
- මසුන් මරන්නා - ධීවරයා
- නිවසට පිටින් පැමිණි තැනැත්තා - ආගන්තුකයා
- තමා උපන් රට - මව්බිම
- වාහන පදවන්නා - රියදුරා
- අයහපත් මිනිසුන් - දුදනන්
- යහපත් මිනිසුන් - සුදනන්
- නගරයේ වාසය කරන - නාගරික
- හිරුගෙන් ලැබෙන එළිය - හිරුඑළිය
- ගමේ වාසය කරන - ගැමි
- කිසිම ලෙඩක් නැති - නිරෝගී
- වැඩපල කිරීමට අකමැති - කම්මැලි
- වියදම් කිරීමට අකමැති - මසුරු
- අසුපිට ගමන් කරන්නා - අසරුවා
- ඇතු පිට ගමන් කරන්නා - ඇතරුවා
- බෙහෙත් ගතහැකි තැන - රෝහල
- රජු වාසය කරන නිවස - මාළිගය
- ජලයෙහි උපන් - ජලජ
- ලංකාවේ මිනිසුන් - ලාංකිකයෝ
- අනුන්ගේ යහපත සලසන - පරාර්ථකාමී
- වේගයෙන් ගමන් කරන - ශීඝ්‍රගාමී
- ගග මුහුදට වැටෙන තැන - මෝය
- අනුන්ට කරන සේවය - පරෝපකාරය
- කිසිම උඩගුකමක් නැති - නිහතමානී
- තල්ලෙන් උපන් - තාලුජ
- ඉබේ හටගන්නා ගින්න - ලැව්ගින්න
- උබකාරයට උපකාර කිරීම - ප්‍රතිඋපකාරය
- වැසි නැති කාලය - ඉඩෝරය
- ගොවිතැන් කරන්නා - ගොවියා
- රජු වඩිවන ආසනය - සිංහාසනය
- යුදුධයට යන තැනැත්තා - සෙබලා
- හින්සාවක් නැති - අවිහිනසක
- කියවීමට පොත් තබා ඇති ස්ථානය - පුස්තකාලය
- ඇස් දෙකම නොපෙනෙන තැනැත්තා - අන්ධයා
- එක් ඇසක් නොපෙනෙන - කණා
- පරම්පරාවෙන් ලැබෙන අයිතිය - උරුමය
- ගවයන් බලාගන්නා තැනැත්තා - ගොපල්ලා
- රටක ප්‍රධාන නගරය - අගනුවර
- ආහාර ගැනීමට බොහෝ ආශා කරන - කෑදර
- ස්වාමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව
- රටවලට සංචාරය කිරීම - දේශාටනය
- සතුටින් නෙ දෙය - තෑග්ග
- වස්තුව බොහෝ ඇති - ධනවත්
- වනයේ සතුක් මැරීම - දඩයම
- සතුන් බලාගන්නා - එඩේරා
- ජලයේ වට වු බිම - දූපත
- පාරේ ගමන් කරන්නා - මගියා
- සතුන් පිට බඩු පටවාගෙන යාම - තවලම
- ලී වලින් සාදන ලද - දැවමුවා
- ගල් වලින් සාදන ලද - සෙල්මුවා
- රනින් සාදන ලද - රන්මුවා
- කිසි දිනක නොමැරෙන - අමරණිය
- සිනා උපදවන - හාස්‍යජනක
- නොයෙක් ආකාරයෙන් යුත් - විවිධාකාර
- ඔටුනු පළදින උත්සවය - අභිෂේකය
- මිනිසුන් වාසයකරන ප්‍රදේශය - ජනාවාසය
- වැවක ජලය බැස යාමට ඇති දොරටුව - සොරොව්ව
- කුඩා දෙය ලොකු කර පෙන්වන උපකරණය - අන්වීක්ෂය
- ආහාර හිග කාලය - දුරභීක්ෂය
- ගගේ ඇති ජලය - මිරිදිය
- පසුපස එලවාගෙන යාම - ලුහු බැදීම
- කිසිම යෙක් දක්නට නැති - හිස්
- යකඩින් සාදා ඇති - අයෝමය
- ගස් වැවී නැති නිසරු බිම - මුඩුබිම
- ණයට අමතරව දෙන මුදල - පොලිය
- ඇලක් හරහා යාමට දැමූ ලීය -ඒදණ්ඩ
- යකඩින් තැනූ දම්වැල - යදම
- මුහුදේ ඇති වතුර - කරදිය
- ඈත දේ ළං කර පෙන්වන උපකරණය - දුරදක්නය
- අනුන්ගෙන් පෝෂණය වන - පරපෝෂිත
- සතුට ගෙනදෙන ආරංචිය - සුභාරංචිය
- සෑම අතින්ම සම්පූර්ණ වූ - පිරිපුන්
- අන් අයට සම කල නොහැකි - අසමසම
- කතා කිරීමෙහි දක්ෂතාවය - කථිකත්වය
- සියලු බල ඇති - සර්ව බලධාරී
- ජනගහණය ඉතා වැඩි - ජනාකීර්ණ
- ලියද්දකින් ලියද්දකට වතුර බසින ස්ථානය - වක්කඩ
- මැටි බදුන් සාදන්නා - කුඹල්කරුවා
- සිවුරු හරින ලද - උපැවිදි
- කැඩී බිදී ඉතුරු වූ කොටස් - නටඹුන්
- හිස නැති මළ සිරුර - කවන්දය
- අශ්ව නාදය - හේෂාරවය
- රජුට අනුශාසනා කරන්නා - පුරෝහිතයා
- යුද්ධ කිරීමට ඉතා කැමති - රණකාමී
- සුවකිරීමට ඉතා අපහසු - අසාධ්‍ය
- ධර්මය අනුව ක්‍රියා කරන්නා - ධාර්මික
- අනුන් කරන දේ කිරීම - අනුකරණය
- රටට විරුද්ධව ක්‍රියා කරන - දේශද්‍රෝහී
- නිදාගන්නා කාමරය - සයනාගාරය
මෙම තනි පද මතකයේ තබාගනිමින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් ලබාගන්න.