ප්‍රස්ථා පිරුළු
ප්‍රස්ථා පිරුළු කියනනේ තැනට ගැලපෙන විදිහට කතා බහේ දී කියන උපමා වලට වේ.
පහත දැක්වෙන ප්‍රස්ථා පිරුළු ඒ බව කියයි.
1-ආඬි හත් දෙනාගේ කැද හැලිය වාගෙයි.
අනුන් රැවටිමට ගොස් තමන් රැවටීම.
2-කළුවා මාරපන ගියා වාගේ.
කිසිම දෙයක් සොයා බලා වැඩ කරන විට පවසයි.
3-කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වාගේ.
කවුරු හෝ දුර දිග නොබලා කටයුතු කර මෝඩ තීන්දු ගනී නම් මේ ලෙස කියයි.
4-ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ.
එක් කරදරයකින් බේරිමට ගොස් ඊට වඩා වැඩි කරදරයක් පැමිණිම.
5-කටුස්සාගේ කරෙ රත්තරං බැනඳා වාගේ.
තමන් හට ලැබෙන දේ වලින් අහංකාර වීම.
6-ගොරවන තරමට ලු වහින්නේ නැතිලු.
කතාව තරමට ක්‍රියාව නැත.
7-එළි පත්ත උඩ සිටින බළළා වාගේ.
ස්ථිර තීරණයක් නොගෙන සිටිම.
8-රයිගමයයි ගම්පලයයි වාගේ.
එක වාගේ කපටියන් දෙදෙනකු වීම.
9-ඉසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා වාගේ.
යම් ගැටලුවක් විසඳිමට නුසුදුසු තීරණයක් ගැනීම.
10-අනූනවයෙන් බේරුණා.
විපතක් ආසන්නයේ සිට බේරිම.
11-අනුන් කල දේ තමන්ට පල දේ.
අනුන්ට කල හොද හෝ නරක කෙදිනක දී හෝ සිදු කළ පුද්ගලයන් හට ඵල දේ.
12-අලි මදිවට හරක්.
කරදරයක් මදිවට තවත් කරදරයක් පැමිණිම.
13-අනුන්ගෙ පානෙන් එළිය බැලීම.
කිසිවෙකු ගේ මුවාවෙන් තමන් ප්‍රයොජන ගැනීම.
14-අතීසාරයට අමුඩ ගැහුවා වගෙයි.
අතීසාරය නම් බඩ එළිය යාමේ රෝගයකි ඒ සදහා ප්‍රතිකාර නොකර අමුඩය තදකර ගැනීම මෝඩ ක්‍රියාවකි.
15-ගමරාල සිල් ගත්තා වාගේ.
තමන් හට නුපුරුදු දේ කිරිමට ගොස් අමාරුවේ වැටිම.
16-ඉවසිමෙන් සැනසිම ලැබේ.
ජය ගැනීමට නම් ඉවසිය යුතුය.
17-ඉක්මන් කොටයි.
වැඩි හදිස්සිය හොද නැත.
18-ඉහේ මලක් පිපුනා වාගේ.
විශාල සතුටක් දැනිම.
19-කබලෙන් ලිපට වැටුනා වාගේ.
විපතක් වු විට තවත් විපතක් පැමිණිම.
20-ගැරඬි මරා පව් පුරවා ගැනීම.
අහිංසක අයට හිරිහැර කිරිම.
21- කම්මලේ ඉන්න බල්ලා වාගේ.
නිතර නිතර සිදු කළ දෙයක් වීම.
22ගඟට ඉනිමං කැපුවා වාගේ.
කිසිදු ප්‍රතිඵල නොමැති වැඩක් කිරිම.
23-දී කිරට බළලුත් සාක්කි.
කවුරුත් වාසි පැත්තට එකතු වෙති.
24-ගිලි මලේ ඇත දත සුද්දෝ.
ඉතා දුලභ මිනිසුන් සිටිම.
25-ජාඩියට මුඩිය වාගේ.
ඉතා හොදින් ගැලපෙන දෙදෙනකු වීම.
26-දිලිසෙන සියල්ලම රත්තරං නොවෙයි.
බාහිරින් පෙනෙන පුද්ගලය ඇතුලත නැත.
27-නරියා හුවෙන් හදුනා ගත හැකිය.
කපටියා කතාවෙන් හදුනා ගත හැකිය.
28-නයාට අඳු කොල වාගේ.
දැකිමට කොහොමත් අකමැති වීම.
29-අකලට පල ගත් ගෙඩිය වාගේ.
යම් දෙයක් නොසිතූ වේලාවක සිදු වීම.
30-අග පැලිච්ච බට ලීය වාගේ.
වඩා වැඩියෙන් කියවන පුද්ගලයකු වීම.
31-අටුව කඩා පුටුව හැදුවා වාගේ.
සුලු ලාභයක් වෙනුවෙන් වීශාල පාඩුවක් කර ගැනීම.
32-අට්ට්ක්කා ගහේ මල් පිපුනා වාගේ.
කිසිදා සිදු නොවන දෙයක් සිදු වීම.
33-බුරන බල්ලා සපා නොකයි.
කෑකා් ගසන්නන් ක්‍රියකාරි නැත.
34-වක්කඩේ හකුරු හැංගුවා වාගේ.
ආරක්ෂා කර ගතයුතු දෙයක් නුසුදුසු තැනක දැමීම.
35-පෙරලෙන ගලේ පාසී නොබැදේ.
නිතර කාර්ය කරන අයගේ දැනුම වැඩි දියුණු වේ.
36-වී පැදුරට කුකුළා එන්නා සේ.
යම් පුද්ගලයෙක් නිතර නිතර එක් තැනකට පැමිණිම.
37-අන්ධයා ඇතාගේ හැටි කිව්වා වාගේ.
වැරදි හේතු මත නිගමන වලට එළඹීම.
38-ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ.
කෙනෙකුගෙන් නොමැති දෙයක් ඉල්ලීම.
39- බීරි අලින්ට වීණා වාදනය කලා වාගේ.
අවවාද අනුශාසනා ඒවා පිළිගැනිමට අකමැති අයට ලබා දීම.
40-උරුලෑවා පාරෙ ගියා වාගේ.
යම් පුද්ගලයකු කරන කටයුත්ත අපිරිසුදු ලෙස සිදු කිරිම.
41-කිරි ගහට ඇන්නා වාගේ.
යමකින් ස්ථිර ප්‍රතිඵල ලැබීම.
42-කළු නික සොයනවා වාගේ.
සොයා ගැනීමට අපහසු දෙයක් සෙවීම.