විවිධ කර්මාන්තවල යෙදෙන වචන කිහිපයක් ඉගෙන ගනිමු
5 වසර ශිෂත්ව විභාගය සදහා විවිධ කර්මාන්තවල යෙදෙන වචන කිහිපයක් හා එයින් කියෙවෙන දේ පිළිබද අවබෝධයක් ගනිමු .
කෘෂි කර්මාන්තයේ යෙදෙන වචන
අද ගොවියා :ශ්‍රමය වෙනුවෙන් අස්වැන්නෙන් කොටසක් ලබා ගෙන
අනුන්ගේ කුබුරු වගා කරන්නා
පුබ්බරු : බත්
රත්තා :ගින්දර
අම්බරුවා :මිහරකා
බැත :වී
ගොයම් කොළය :ගොයම් ගොඩ
කොටාබානවා :කනවා
අක්යාල :දෙවියන්ට වෙන් කරන වී කොටස
කොළ මැඩවීම :ගොයම් කොළ මී හරකුන් ලවා පැගීම
හෙයියන් :ගවයන්
අතලය :කළගෙඩිය
ධිවර කර්මාන්තයේ යෙදෙන වචන
දියබ :ගැබුරු මුහුද, ඇත මුහුද
හබල :ධිවර යාත්‍රාව පැදවීමට ගන්නා ලි උපකරණය
කෝල්ලැව :ඔරුවේ වියල් දෙකට බැද තබා ඇති දෙකොන උල් ලි කොටය
මාරියාව : වැස්ස සමග සුළං ඇතිවීම
අතංගුව :කුඩා මසුන් අල්ලන ගොටුවක් වැනි ලි මිටක් සහිත උපකරණය
මල් පිරිමි :සව් ශක්තිය ඇති තරුණයෝ
දැල් පොල :දැල
වඩු කර්මාන්තයේ යෙදෙන වචන
යතු කැටය :ලි ගෑම සදහා (මතුපිට සුමට කිරීමට) අවශ්‍ය උපකරණයකි
රාස්කු පිර : ලි මට්ටම් කිරීමට යොදා ගන්නා උපකරණයකි
ඉස්කුරුප්පු නියන :ඉස්කුරුප්පු ඇණ ඇල්ලීමට භාවිතා කරන උපකරණයකි
බුරුමය :ලි විදීම සදහා භාවිතා කරන උපකරණයකි
පීර :කියත මුවහත් කිරීම සදහා ගෑමට භාවිතා කරන උපකරණයකි
මිටිය :ඇණ ගැසීම හා ගල් කැඩීම සදහා භාවිතා කරන ලෝහ කොටසක් හා ලි මිටියක් සහිත උපකරණයකි
කියත : ලි ඉරීමට භාවිතා කරන දැති සහිත ලෝහ මුවහතක් සහිත උපකරණයකි
වැලි කඩදාසි :ලි ඔප මට්ටම් කිරීමට ගන්නා වැලි සහිත කඩදාසි විසේශයකි
පතල් කර්මාන්තයේ යෙදෙන වචන
පතල :ඛනිජ වර්ගයක් ලබා ගැනීමට පොළවේ හාරන ලද විශාල වළ
ඉල්ලම් කුර :ඉල්ලම් හැරීමට යොදා ගන්නා කුඩා අලවංගුව
ඉල්ලම :මැණික්/ඛනිජ පිහිටා ඇති පස
දෝනාව :පතල තුල ඇති හරස් මාර්ගය
නත්තිරම :පතල් දෙකක් අතර ඇති බිම් තීරුව
කැටගල් :කුඩා වටකුරු ගල්
නාම්බුව :සේදු මැණික් ඉල්ලම් සහිත වට්ටිය
වාඩිය :පැල
මාලාව :කිරිමැටි