ධීවර භාෂාව
කෝඩුකාරයා - මුලින්ම මුහුදු ගමනට යෙදෙන නාවිිකයා මේ නමින් හදුන්වනු ලැබේ.
බාදිය - රළ වේගය අඩු කාලය මේ නමින් හදන්වනු ලැබේ.
දියඹ - මුහද මේ නමින් හදුන්වන ලැබේ.
ඔරු පල්ල - ඔරු පතුලේ හරස් ආකාරයට දමා ඇති ලී කඳ
මූඩලේ - වැහි වලා ඇවිදින් අහස අඳුරු වීම ධීවරයන් මේ නමින් හඳුන්වනු ලබයි.
පන්න කරනවා - මෙයින් මසුන් මරනවා යන පදය කියවේ.
අවල - පසුපස හබල් දෙක මේ නමින් හදුන්වනු ලබයි.
දුවන්න යනවා - ඔරුව පැදවීම
යටිල - ඉදිරිපස හබල් දෙක මේ නමින් හදුන්වනු ලබයි.
ඇණිය - ඔරවේ පසුපස කොටස මේ නමින් හදුන්වනු ලබයි.
ඉයත්තව - කාලගණය මෙනමින් හදුන්වයි.
සුරාවලිය - මුදුදේ රළ ගමන් කරන ලද දිශාව මේ නමින් හඳුන්වනු ලැබේ.
ලෙල්ලම - මාළු විකුණන ස්ථානය මේ නමින් හඳුන්වනු ලබයි.
තලා දීම - අහස ගෙරවීම මෙනමින් ධීවරයන් හදුන්වනු ලබයි.
දැඩියාව - අව්ව
දියඹට යනවා - ඈත මුහුදේ මසන් මැරීමට යාම
ගොයියා - රුවල
මඩිය - දැලේ මැද ඇති මාළු ටික මේ නමින් හදුනවයි.
කටු ගල - නැංගුරමේ ගල
කෝසු කිරීම - දැල ඇකිලීම මේ නමින් ධීවරයා හදුන්වනු ලබයි.
ජාලය - දැල මේ නමින් හදුන්වනු ලබයි.
වල ඔරු - විශාල ඔරු මේ නමින් හදුන්වනු ලබයි.
කෙවුලා - මසුන් මරන්නා මේ නමින් හදුන්වයි.
සාය - හුලං හමන දිශාව මේ නමින් හදුන්වනු ලබයි.
හරස්කඩ - ඉර උදාවන්නට කලින් පෙනෙන ආලෝකය මේ නමින් ධීවරයා හදුන්වයි.
අම්බාවෝ - දැල අදින පිරිස මේ නමින් හදුන්වයි.
කමත් භාෂාව
කමත - ගොවිියා විිසින් ගොයම් පෑගීමට සකස් කල ස්ථානය මෙනමින් හඳුන්වනු ලබයි.
බැත - කමතේ තිබෙන වී බැත නමින් හදුන්වනු ලබයි.
ඉපනැල්ල - කුඹුරේ ඉතිරි වන කොටස
දෙතිය - දෙවන වර හාන හීය
අම්බරුවා - කමතේ දී මී හරකා යන සත්වයා මේ නමින් හදුන්වන ලබයි.
කාර්තුව - වී බුස්සෙන් හතරෙන් පංගුවක් මෙ නමින් හදුන්වනු ලබයි.
පුරන්නාව - කමතේ දී පුරන්නාව යනුවෙන් හදුන්වන්නේ මල්ලටයිි.
වැල්මාන - කූඩය මේ නමින් හදුන්වයි.
ගොයි ඇඹි - ගෙවිලිය මේ නමින් හදුන්වයි.
ගොම් පස් - කමතේ දී හරක් දමන ගොම
වී බිස්ස - වී ගබඩා කර ගැනීම සඳහා තනන ගබඩාව මේ නමින් හදුන්වනු ලබයි.
කලාතය - ගොයම් කොලේ අයින
බුද්ධ බෝගය - ගොවීන් මේ නමින් හදුන්වනු ලබන්නේ වී වලටයි.
මඩවනවා - කුඹුර පාගනවා
මැඩුවන් - පිදුරු
අතල - කමතේ දී කුඩා කලය මේ නමින් හදුන්වයි.
කාටුව - පෑගී ඉවර වූ පසු ඉතිරි වූ පිදුරු
කපන්නාව - පිහිය මේ නමින් හදුන්වයි.
රහයිය - කමතේ තිබෙන වී ගොඩ මෙනමින් ගොවීන් හදුන්වයි.
රෑන - කොළ මැඩවීම සඳහා එකිනෙකට බැදි මී හරක්
යතුර - කුල්ල මේ නමින් හදුන්වයි.
ඇඹුල - ගෙවිලිය විසින් කමතට ගෙනයන දිවා ආහාරය මේ නමින් හදුන්වයි.
ගඟුල - වතුර ගොවියන් මෙනමින් හදුන්වයි.
රතු ගඟුල - තේ වතුර මෙනමින් හදුන්වයි.
වැදි ජන වහර
බලකා - බලන්නා
සති අඩේ - කරදරේ
නවදැලි හේන - අලුත් හේන
කැකුළි - ගැහැනු ළමයා
කැකුළා - පිරිමි ළමයා
අප්පි ලැත්තෝ - තාත්තා
පයිණ්ඩකාරි හූරා - ග්‍රාමසේවා නිළධාරී
ඉලන්දාරියා - තරුණ පිරිමි ළමයා
ලමිස්සි - තරුණ ගැහැණු ළමයා
විච්චුර්ණ - විසිතරු දේවල්
පාවරය - කෙළ කමත
වක්කරනවා - නාවනවා
වහජ්ජා - මස්සිනා
බුද්දල ඇත්තෝ - බුදුරජාණන් වහන්සේ
අම්මි ලැත්තෝ - අම්මා
හදිවෙනවා - මුණ ගැහෙනවා
පහන්නියක් - පිළිවෙළක්
කස්තියලා - ඉක්මනට
හූරා - මහත්මයා
මුත්තලැත්තෝ - සීයා
මාමි ලැත්තෝ - මාමා
කිරි අම්මිලැත්තෝ - ආච්චි
සරාරිගාලා - ඉක්මනට
ගොල්ල - සෙනග
අදෝ - අපොයි
බයිය - ළමයා
කොටා බානවා - හපනවා
තඩියා - ඌරා
හතර බාගයා - බල්ලා
සනුහුරේ - පරම්පරාවේ
සකියා - ප්‍රධානියා