විවිධ රැකියාවන් හා බැදුණු භාෂා
කෙත හා කමත
දෑකැත්ත
- ගොයම් කැපීම හා තණකොළ කැපීම සදහා භාවිතා කරනු ලබයි.
නගුල
- කුඹුර සකස් කිරීම සදහා මී ගොනුන් සමග සී හෑම සදහා යොදාගනී.
වියගහ
- මී ගොන් බැදීම සදහා යොදාගන්නා මෙය නගුලට සම්බන්ධ වන කොටසකි
අත්පෝරුව
- මී ගොනුන්ගෙන් මඩවාගත් කුඹුර මට්ටම් කිරීම සදහා මෙය යොදාගනී.
දැතිගොයියා
- මී ගොනුන්ගෙන් ගොයම් පෑගීමේදී කොළ ගොඩ ඉහලට දැමීම හා මාරු කිරීම සදහා
යොදාගනී.
තල්කොළ පෙට්ටිය
- තලකොළ වලින් නිර්මාණය කරන ලද පෙට්ටියකි . මෙය කුඹුරු වැඩ වලදී හා කමත් වලදී හා කමත් වල වැඩ කරන ගොවියන් සදහා ආහාර (ඇඹුල ) ගෙන ඵන පෙට්ටියයි.
බෝලත්ත
- ගොයම් පෑගීමෙන් පසු බැත හෙවත් වී ඵකතු කිරීම සදහා යොදාගන්නා කොස්සක් වැනි පඹ වැල්වලින් සදාගනු ලබන පොළොව පිසිනයකි.
කුල්ල හෙවත් යතුර
- කමත් හාෂාවදි යතුර නමින් හදුන්වන කුල්ල වී පෙලීම හා හුළං කිරීම සදහා යොදා ගනී.
පැන්කෙණ්ඩිය
- මෙය ගොවිතැන් කටයුතු වලදී පිපාසය සංසිදවා ගැනීම සදහා කමතට හෝ කෙතට බීමට ගන්නා ඡලය රැගෙන ඒම සදහා යොදාගනී.
ලඹු කැටය
- හොදින් මෝරා ඇති ලඹු ගෙඩියක් වේලා ඵහි මදය ඉවත් කර පැන් කළයක ලෙස වතුර ගෙනයාමට යොදාගනී.
මඩපෝරුව
- මී ගවයන් යොදා හාන ලද කුඹුරෙහි ලියද්ද මඩ පෝරාව මගින් පිලිවෙලට මට්ටම් කරගනී.
ඇණ පෝරුව
- ඇණ සම්බන්ධ කර ඇති මෙයද කුඹුර මැඩවීමෙන් පසු පස් කැට පොඩිකර මට්ටම් කිරීමට යොදාගන්නා ඇණ සහිත පෝරුවකි.
බුම්මැඩිය / උඩැක්කිය
- කමත් කවි කීමේදී තාලය තැබීමට යොදා ගනී.
කමත් බස
- යාල්ලනවා - වී මැනීම
- අම්බරුවන් - කොළ පාගන ගවයන්
- මුත්තෙට්ටුව - කමත් බත
- කහට පැන් - කුරුම්බා
- කුඹල් ගෙඩිය -කළ ගෙඩිය
- කපන්නාව - පිහිය
- මැඩුවන් - පිදුරු
- ඈදුන්න - හරක් ජෝඩුව
කුඹුරේදි භාවිතා වන වචන
- අඩහැරය - සී සෑමේදී හරකුන් දැක්වීමට හඩගා කතා කිරීිම
- කුරුලු පාඵව - කුඹුරේ කුරුල්ලන් සදහා ඉතිරි කරන කොටස
- වානත - කුඹුරු යායට යාබද ඵළි කරන ලද ගොඩ ඉඩම
- කිරි වදිනවා - කුඹුරු පැහෙනවා
- කිවුල - ලියද්දට කපන නියරේ ඇති දිය ඇළි
- කොළදින් - ගොයම් කපන කාලය
- පිහාටු බරියා - කුකුළා
- කහට ගෙඩි - කෙසෙල් ගෙඩි
- කැට කන්ද - ගොයම් අහුරක්
- පාවර - වී ගොඩ
- කහටවා - පුවක්
- සුදුවා - හුණු
- රොඩු කොළ - දුම් කොළ
- බෝල් තියනවා - අතු ගානවා
- බැත පාහිනවා - වී හුළං කරනවා
- නාවත - මුඵ කුඹුරටම ඡලය ලබා දෙන ස්ඵානය
- රෑදම - කමතේ දී ගනු ලබන ආහාර
හේන් ගොවිතැන
- ගිනි ගැසීම - හේන කෙටීමට පෙර දඩු කෙටූ බිම් කොටස ගිනි තැබීමයි.
- ආරක්ෂා කිරීම - වගා කළ හේන සතුන්ගෙන් ආරක්ෂා කිරීම
- දෑතේ සවිය - දෑතේ මහන්සියෙන් කරන වැඩ කොටස
- ඉනි - ගස් වලින් කපාගත් ලී දඩු
- ඉඩෝරය - වර්ෂා නොමැතිව පායන කාලය
- කුරුලු දානය - ඵල නෙලන විට කුරුල්ලන් සදහා හේනේ ඉතිරිකරන කොටස
- ඵළවඵ කොරටුව - ඵළවඵ වගා කර ඇති කොටස
- ගෙදැල්ල කරුව - වියලුණු තණකොළ ඉවත් කරන තරුව.
- වාහන පතුල් - හේනේදි භාවිතා කරන පාවහන්
කම්මල් කර්මාන්තය
- කිණිහිර - ගිනියම් කරන ලද යකඩයක් තලා ගැනීමට තබන ස්ථානය
- මයිනහම - අගුරු ගිනි ඇවිලීම සදහා සුළං තෙරපුම ලබාදේ
- අගුරු කොක්ක- ඇවිලෙන අගුරු පාදා ගැනීමට.
- කුළු ගෙඩිය -යකඩයක් තලා ගැනීමට යොදාගනී.
- දඩු අඩුව - යකඩයක් කපා ගැනීම සදහා තදින් අල්ලා ගැනීමට
පතල් කර්මාන්තය
- වාඩිය - පතලේ වැඩ කරන අය සිටින පැල
- පතල - හාරන ලද විෂාල වල
- ඉල්ලම - මැණික් , මිනිරන් සහිත පස් තට්ටුව
- ඉල්ලම් ගල් - ඉල්ලමේ ඇති ගල්
- නාම්බුව - මැණික් ගල් සහිත වට්ටිය
- වට්ටිය - මැණික් ගැරීම සදහා බට පතුරු වලින් වියන ලද කුඩය
- මාලාව - කිරි මැටි
- දඹරය - පස් උඩට ගැනීම සදහා සාදා ඇති උපකරණය.
- කැට කුඩය - ලොකු කැට ඉවත් කරන පෙට්ටියක හැඩයට අඩියට දැල් ගසා ඇත.
- කට්ට - මිය ගිය මැණික්
- කොට්ටර - පලදු වු මැණික්
ධීවර භාෂාව
- මන්නඩි රාල - දැල් ප්‍රධානි (අයිතිකරු)
- මාඵ අයින - මාළු රංචුව
- ඇලවුම් බිලිය - බිලී කටුව
- මාරියාව - වැස්ස සමග සුළං හැමීම
- රේන්ද පොළ - මාඵ වෙන්දේසි කරන තැන
- හැන්නැදි රාල - ඔරුවේ අයිතිකරු
- ඇණිය - ඔරුවේ ඉදිරියේ කොටස
- වයක්කම - දැල් ඵලීම
- හදට යනවා - රාත්‍රී මුහුදු යාම
- හරාව - මුදුදේ රළඅඩු කාලය
- වලාලය - මුහුදු යාමට සුදුසු කාලය
- පන්නේ ගානවා - ඇමදමා අදිනවා
- රළ හයි වෙනවා - රළ වැඩි
- වීමගංගුල් - වතුර
- රත්තා - ගින්දර
වඩු කර්මාන්තය
- යතු කැටය
ලෑල්ලක් ලීයක් සුමට කරගැනීම සදහා යොදවාගනී
- කියත
ලෑල්ලක් ලීයක් කැපීම කැපීම හා ඉරීම සදහා යොදාගනී
- බුරුමය
ලෑල්ලක් ලීයක් සිදුරු කර ගැනීම සදහා යොදාගනී
- වරක්කලය
ජනෙල් උළුවහු , පුලුක්කුවක් ලකුණු කර ගැනීම සදහා යොදාගනී
- අතකොලුව
ලීයක් ඇතුළත හාරා ගැනීම සදහා ලී මිට සහිත නියන් වලට ගැසීමට යොදාගනී
- වැලි ගල හා තෙල් ගල
ආවුද මුවහත් කරගැනීම , ආවුදයේ පන්නරය ලබාගැනීම සදහා යොදාගනී (පොල් තෙල් යොදාගනිමින්)
- ඇලිස් කටුව
ඇණයක් තැබීමට පෙර ස්ථානය සටහන් කිරීමට.
- දඩු අඩුව
ලීයක් තදින් අල්ලා ගැනීම සදහා යොදාගනී
- තොරපනය
සිදුරක් විදීම සදහා අතීතයේ යොදාගනී.
පෙදරේරු කර්මාන්තය
- මේසන් හැන්ද
බදාම ගැනීම හා මට්ටම් කිරීමට යොදාගනී
- ලඹය
තිරස් බිත්තියක් කෙලින් පිහිටුවා ගැනීම සදහා යොදා ගනී
සමතල මිනුම (වෝටර් ලෙවලය) (WATER LEVEL)
තිරස් බිත්තියක සමතල මට්ටම පිහිටුවා ගැනීම සදහා යොදවා ගනී
- මුලු මට්ටම
නිවැරදි නැම්මක් හැඩය අංශක 90 කෝණයට තිබේදැයි බලාගැනීම සදහා යොදාගනී
- වතුර බටය
පොලොව මට්ටමේ උස සමාන දැයි පරික්ෂා කරගැනීම සදහා යොදාගනී
- මට්ටම් ලීය
කපරාරු කරන ලද බිත්තියක් සමතලව පවත්වා ගැනීම
- මනිස් ලෑල්ල
සමතලා බිත්තියක් සුමට කර ගැනීම සදහා යොදා ගනී
- සවල
සිමෙන්ති බදාම කොන්ක්‍රීට් බදාම කවලම් කර ගැනීම සදහා යොදා ගනී
- තාච්චිය
බදාම ගෙනයාම හා ගල්වැලි සිමෙන්ති මැන ගැනීම සදහා යොදා ගනී
- සවල්ඩරය/සල් අඩය
බිත්තියක් කපරාරු කිරීමට අවශ්‍ය ප්‍රමාණය වැලි වලින් ගල් ඉවත් කරගැනීමට (වැලි හලා ගැනීමට) යොදාගනී
- උදැල්ල
බදාම ඇනීම , කවලම් කිරීම ගෙබිමවල් කැපීම සදහා යොදා ගනී
- මිටිය
ගල් කඩා ගැනීම , ඇණ ගැසීම සදහා යොදාගනී
- නාරාසනය
පොළොවෙහි කණු මුක්කු සිටවීම සදහා පොළොව හාරාගැනීමට යොදාගනීි.