( අවසාන සූරා තුන )
සූරතුල් ඉහ්ලාස්, සූරතුල් ෆලක්, සූරතුන් නාස්
අල් කුර්ආනයේ අවසන් සූරා තුන මෙම සූරා ය. මේවා පාරායනයෙන් අධික ආනිශංස ලැබේ. සෑම සලාතයක ම අවසානයේ මෙම සූරා පාරායනය කරන ලෙස නබි සල්ලල්ලහු අලෛහි වසල්ලම් තුමා අණ කළෝ ය. මෙම සූරා උදේ සවස සහ බොහෝ සුන්නත් සලාතය න්වලට පසුව ද පාරායනය කරන සූරාවන් වේ. "නබි සල්ලල්ලහු අලෛහි වසල්ලම් තුමා දිනපතා නිදා ගන්නා විට මෙම සූරාවන් තුන තෙවතාවක් බැගින් පාරායනය කොට, තම දෑතේ අල්ලෙහි පිඹ, තමාගේ මුළු ශරීරය ම පිරිමදිතියි" යනුවෙන් ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය දැනුම් දෙන්නී ය. (බුහාරී)
"මෙම රාත්‍රියේ පහළ වූ වාක්‍ය මෙන් වාක්‍යයන් මා මීට පෙර පහළ වනු දැක නැත්තෙමි. ඒවා සූරතුල් ඉහ්ලාස්, සූරතුල් ෆලක් සහ සූරතුන් නාස්, වේ" යැයි යනුවෙන් නබි සල්ලල්ලහු අලෛහි වසල්ලම් තුමාණෝ පැවසූහ.
සූරතුල් ඉහ්ලාස්
අල් කුර්ආනයේ අන්තර් ගත 112 වන සූරාව සූරතුල් ඉහ්ලාස් වේ. මෙය වාක්‍ය 4 කින් සමන්විත ඉතා කුඩා සූරාවකි. මෙය මක්කාවේ පහළ වූ මක්කී සූරාවකි. මෙම සූරාව අල්ලාහ් ඒකයා බවත්, සැබෑ දෙවියා ඔහු බවත් තහවුරු කරන්නේ ය. එබැවින් මෙයට සූරතුල් අහද්, සූරතුල් තව්හීද් යන නම් ද ඇත. "ඉහ්ලාස්" නමැති අරාබි වචනයේ අර්ථය "පිවිතුරු බව" යන්නයි. අල්ලාහ් සියලූ ෂිර්කයන්වලින් පරිශුද්ධ වූවෙකි. "ඔහුට මව්, පිය, සහෝදර සහෝදරියන් යන කිසිවෙකු නොමැත. එසේ ම කිසිවෙකුගෙන් කිසිදු අවශ්‍යතාවයක් අල්ලාහ්ට නොමැත" යනුවෙන් මෙම සූරාව කෙටියෙන් විස්තර කරයි.
මක්කාවේ ජීවත් වූ කාෆිර්වරු නබි සල්ලල්ලහු අලෛහි වසල්ලම් තුමාණන් වෙත පැමිණ, ඔබ පවසන දෙවියා කෙබඳූ පුද්ගලයෙකු දැයි විමසූ විට එයට පිළිතුරු වශයෙන් මෙම සූරාව පහළ විය. (තිර්මිදි) මෙය අල් කුආනයේ තුනෙන් එකකට සම වේ යැයි නබි සල්ලල්ලහු අලෛහි වසල්ලම් තුමාණෝ පැවසූහ. (බුහාරි)
සූරාව හා එහි අර්ථය
අසීමිත කරුණාවන්ත, අපරිමිත සෙනෙහෙවන්ත අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
සූරතුල් ෆලක්
අල් කුර්ආනයේ අන්තර්ගත 113 වන සූරාව මෙය වේ. මෙය වාක්‍ය පහකින් සමන්විත මක්කී සූරාවකි. "ෆලක්" යන අරාබි පදයේ තේරුම හිමිදිරි උදෑසන යන්නයි. මෙම සූරාව අන්ධකාරයේ හානිවලිනුත්, ඊර්ෂ්‍යාකාරයන් හා හූනියම්කරුවන්ගෙන් ආරකෂාව පතන අයුරින් සැකසී ඇත.
සූරාව හා එහි අර්ථය
අසීමිත කරුණාවන්ත, අපරිමිත සෙනෙහෙවන්ත අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
සූරතුන් නාස්
අල් කුර්ආනයේ අන්තර් ගත 114 වන හා අවසාන සූරාව මෙය වන්නේ ය. මෙය වාක්‍ය හයකින් සමන්විත මක්කී සූරාවකි. "නාස්" යන අරාබි පදයේ අර්ථය "මිනිසුන්" යන්න ය. මෙම සූරාව නපුරු මිනිසුන් හා ජින්වරුන් මෙන් ම සිතෙහි උපදින සැකයන්ගෙන් ද ආරකෂාව පතන අයුරින් සැකසී තිබේ.
සූරාව හා එහි අර්ථය
අසීමිත කරුණාවන්ත, අපරිමිත සෙනෙහෙවන්ත අල්ලාහ්ගේ නාමයෙන්
(ආරම්භ කරමි.)