පංච පුස්තකය යනුවෙන් හඳුන්වන්නේ, ශුද්ධ බයිබලයේ පළමු පොත් පහ යි. පංච පුස්තකය විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. ඒවා නම්;
හෙබ්‍රෙව් බසින් මෙම පොත් පහ, "ටෝරා" යනුවෙන් නම් කෙරේ. පංච පුස්තකය ලෙස නම් කරන පොත් පහ මෙසේ ය.
උත්පත්ති පොත
මෙය ශුද්ධ බයිබලයේ පළමු පොත යි. දෙවි පියාණන් වහන්සේගේ අපරිමිත ආදරය හා කරුණාව නිසා මිනිසා මැවීම, පාපයට වැටුණු මිනිසා ගැලවීම සඳහා "ඉශ්රායෙල්" ජනතාව තෝරා ගැනීම හා ඔවුන්ගේ පියවරුන්ට දුන් පොරොන්දු ඉටු කිරීම ආදිය මෙහි විස්තර වී ඇත. එය කියවා, දෙවි පියාණන් වහන්සේගේ ආදරය තේරුම් ගෙන, අපි එකිනෙකාට ආදරයෙන් කටයුතු කළ යුතු බව තේරුම් ගනිමු.
උත්පත්ති පොතේ ඇතුළත් කරුණු කෙටියෙන්
නික්මයාම පොත
ශුද්ධ බයිබලයේ ඇතුළත් දෙවන පොත යි. ඉශ්රායෙල් ඉතිහාසයේ කේන්ද්‍රීය සිද්ධිය වන මිසරයේ වහල්කමින් නිදහස ලබා, පොරොන්දු දේශය කරා "නික්මයාම" මුල් කරගෙන ලියවී ඇත. මෝසෙස් තුමා මෙහි ප්‍රධාන චරිතය යි. නික්මයාම ගමන තුළ දෙවියන් වහන්සේගේ ආදරය හා ආරක්ෂාව ඉශ්රායෙල් ජනතාව අත්දුටු ආකාරය මෙහි විස්තර වේ. "සීනයි" ගිවිසුම තුළින් "දස පනත" ලබා දී දෙවියන් වහන්සේගේ ම ජනතාව ලෙස "ඉශ්රායෙල්" ජනයා පිළිගත් බව ද මෙහි සඳහන් වේ.
නික්මයාම පොතේ කරුණු කෙටියෙන්
ඉශ්රායෙල් ජනයා අත්දුටු ආකාරයට ම දේව ආදරය අපටත් අත්දැකීමට ආරාධනා කරයි. තව ද ඔවුන් වහන්සේට අපේ ආදරය දැක්විය යුතු බව මතක තබා ගනිමු.