යාච්ඤාව දෙවියන් වහන්සේ සමඟ ප්‍රේමයෙන් බැඳී කෙරෙන සුහද සාකච්ඡාවකි. මෙම සාකච්ඡාව සඳහා ක්‍රම දෙකක් භාවිත කළ හැකි ය.
අප ම නිර්මාණය කර ගන්නා යාච්ඤා එසේ නැති නම් යැදුම් තුළින් අපේ ම හදවතින් නැගී එන සිතුම් පැතුම් අවංකව ම දෙවියන් වහන්සේට ප්‍රකාශ කළ හැකි ය. එමගින් අප හා දෙවියන් වහන්සේ අතර ඇති සබඳතාව වැඩි වර්ධනය වේ. එය ගැඹුරු යාච්ඤා දිවියකට මඟ පාදනු ඇත.
මෙවන් යාච්ඤා ක්‍රමයකට අප හුරුවන තුරු ශුද්ධ වූ සභා මාතාව සකස් කර දී ඇති පොදු යැදුම් බෙහෙවින් ම අපට වැදගත් වේ. එම යැදුම්වල ප්‍රයෝජන කිහිපයකි.
විශ්වාස ලක්ෂණය, තුන්කාලයේ ආරාධනාව, පාස්කු කාලයේ තුන්කාලයේ ආරාධනාව, දයාධික මනස්ථාපය එවැනි පොදු යැදුම් කිහිපයකි. මෙබඳු යාච්ඤා භාවිත කිරීමට නම් ඒවා නිවැරදි ව කට පාඩම් කර ගත යුතු ය. අන් අය සමඟ එකට එකතු වී එම යාච්ඤා උච්චාරණය කිරීමේ දී;
අපෝස්තුලූවරුන්ගේ විශ්වාස ලක්ෂණය
තුන් කාලයේ ආරාධනාව
ස්වාමීන්ගේ දූතයා මරිය තුමියට සැළ කෙළේ ය. එවිට ස්ප්‍රීතු සාන්තු විසින් ගර්භණී වුණා ය.
නමෝ මරියනි ....................
මේ මම ස්වාමින් වහන්සේගේ දාසීමි. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා!
නමෝ මරියනි ....................
වචන තෙම ද මාංශ වුණේ ය. අප සමග ද වාසය කෙළේ ය.
නමෝ මරියනි ....................
ප්‍ර. ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන ලෙස
උ. කන්‍යා ශුද්ධ වූ දේව මාතාවෙනි, අප නිසා යාච්ඤා කළ මැනව.
යාච්ඤා කරම්හ
ස්වාමිනි, සුරදූතයා සැලකළ වචනයෙන් ඔබගේ පුත්‍ර වූ ක්‍රිස්තු තුමන්ගේ මනුෂ්‍යයා වීම දැනගත්තා වූ මේ අපි, එතුමන්ගේ දුක් ප්‍රාප්තිය හා කුරුසියන් උදෙසා මෝක්ෂ ප්‍රතාප මහිමතාවෙන් මාංශෝස්ථානය ලබන ලෙස, අපගේ ආත්ම ඔබගේ කරුණා ප්‍රසාදයට හේතු යුක්ත කොට වදාළ මැනව.
මේ කී දේ අපේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුන් උදෙසා ම ලැබේවා! ආමෙන්.
(ත්‍රිත්ව ස්තෝත්‍රය තුන් වරක් උච්චාරණය කරන්න.)
පාස්කු කාලයේ තුන්කාල ආරාධනාව
යාච්ඤා කරම්හ
සර්වෙශ්වර වූ දෙවියනි, ඔබගේ පුත්‍ර වූ ක්‍රිස්තු තුමන්ගේ මාංශෝත්ථානයෙන් ලෝකය සන්තෝෂ කරන්නට කරුණා අභිප්‍රාය කර වදාළ වේ ද? ඔවුන් වහන්සේගේ මාතාවන් වන කන්‍යා මරිය තුමිය උදෙසා අපට අනන්ත කාල සතුටු සිත් දෙවා වදාළ මැනව.
මේ කී දේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුන් උදෙසා ම ලැබේවා! ආමෙන්.
(ත්‍රිත්ව ස්තෝත්‍රය තුන් වරක් උච්චාරණය කරන්න)
දයාධික මනස්ථාපනය
මාගේ දෙවියනි, මම ඔබ වහන්සේට අනදර කළ නිසා බොහෝ සේ වික්ෂෝප වෙමි. මාගේ පාපවලින් මා සදා කාල නිරාගින්නට හිමි වූ හෙයින් ද මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තු ස්වාමි දරුවන් කුරුසියේ ඇණ ගැසු හෙයින් ද විශේෂ කොට සර්ව දයා යහපත්කම් ඇත්තා වූ ඔබට අනදර කළ හෙයින් ද සියලූ දේට වඩා ඒවාට වෛර කරමි. මා කළ සියලූ පාපවලට මාගේ මුළු හෘදයෙන් ක්ෂමාව ඉල්ලමි. ඔබ වහන්සේගේ පිහිටෙන් මින් මතු පව් නොකර සිටින්නටත් පව් ප්‍රස්තාවලින් වැළකී සිටින්නටත් ඒකාන්තයෙන් ම පොරොන්දු වෙමි. ආමෙන්.
අපි අපගේ දිනපතා යැදුම් අවස්ථාවන්හි මෙවන් පොදු යාච්ඤා භාවිත කරමින් දෙවි පියාණන් වහන්සේට යාච්ඤා කරමු.