සෙවුම් යන්ත්‍ර භාවිතය
අන්තර්ජාලයේ වෙබ් අඩවි සහ වෙබ් පිටු අතිවිශාල ප්‍රමාණයක් පවතී. එම වෙබ් අඩවිවල ඇති කෑම වට්ටෝරු, ප්‍රවෘත්ති, ඉතිහාසය, විද්‍යාව, අධ්‍යාපනික කරුණු වැනි ඕනෑ ම දෙයක් සෙවුම් යන්ත්‍ර භාවිතයෙන් සොයා හැකි ය.
අන්තර්ජාලයෙන් වඩාත් ඵලදායීව අවශ්‍ය දේ සොයා ගැනීම සඳහා සෙවුම් යන්ත්‍ර අවශ්‍ය වේ.
සෙවුම් යන්ත්‍රයක් දහස් ගණනක් වෙබ් අඩවි සහ වෙබ් පිටු අන්තර්ජාලයෙන් සුපිරික්සා (scan) තොරතුරු රැස් කර, වඩාත් සුදුසු පරිදි සකස් කරනු ලබයි.
සෙවුම් යන්ත්‍ර විවෘත කිරීම සහ භාවිතය
සෙවුම් යන්ත්‍ර භාවිතය සඳහා පරිගණකයේ ස්ථාපනය කර ඇති වෙබ් අතරික්සුව විවෘත කළ යුතු ය.
ඔබේ සෙවීමේ ප්‍රතිඵල වෙබ් අඩවි සහ සබැඳි ලැයිස්තුවක් වශයෙන් පෙන්නුම් කරයි. වඩාත් ජනප්‍රිය හෝ වඩාත් සුදුසු වෙබ් අඩවිය හෝ සබැඳිය ලැයිස්තුවේ ඉහළින් ම පෙන්වයි. ඒ අතරින් අවශ්‍ය වෙබ් අඩවිය නැරඹීම සඳහා ඊට අදාළ සබැඳිය තෝරා ගෙන ක්ලික් කළ යුතු ය.
මූල පද (key words) යනු සෙවීමට බලාපොරොත්තු වන දේ පිළිබඳ වඩාත් සරලව සහ ඍජු ව ප්‍රකාශ කරන වචනයි.
උදා: "ශ්‍රී ලංකාවේ ඉතිහාසය" පිළිබඳ කරුණු අවශ්‍ය යැයි සිතමු. ඒ සඳහා "History Sri Lanka" යන මූල පද භාවිත කළ හැකි ය.
සෙවීම් වඩාත් ඵලදායී කර ගැනීම සඳහා ඉඟි කිහිපයක්
සෙවීම් වඩාත් ඵලදායී කර ගැනීම සඳහා පහත කෙටි ඉඟි භාවිත කළ හැකි ය.
"I need the history of Sri Lanka" වශයෙන් සටහන් කිරීම වෙනුවට "ශ්‍රී ලංකාවේ ඉතිහාසය" "History Sri Lanka" හෝ "Sri Lankan History" ලෙස සටහන් කළ හැකි ය.
සමහර සෙවුම්වල දී ඔබගේ සෙවීමට අදාළ නොවන වෙබ් අඩවිවලට අදාළ පිටු සිය ගණනක් පෙන්විය හැකි ය. මෙය මඟ හැරීම සඳහා ඔබගේ සෙවුම් වචන තෝරා ගැනීමේ දී පරෙස්සම් වන්න. ඔබේ වචනය වඩාත් උචිත වන විට ඔබේ සෙවුම් යන්ත්‍රය මගින් වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් පෙන්වයි.
ඔබගේ සෙවීමට අදාළ නොවන වචන භාවිත නොකරන්න. සෙවීමක් ලෙස "how, and, in, to, as" වැනි වචන භාවිත නොකරන්න. ඔබට සොයා ගැනීමට අවශ්‍ය පුද්ගලයින්, ස්ථාන හෝ දේවල් පමණක් භාවිත කරන්න.