1.1.1 පරිගණකයේ කාර්ය
පරිගණකයක මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම හා එම සැකසූ දත්ත (තොරතුරු) පිටතට ලබා දීම වේ.
ආදානය (input) - සැකසීම (process) - ප්‍රතිදානය (output)
1.1.2 පරිගණකයේ ලාක්ෂණික ගුණාංග
වේගය හා කාර්යක්ෂමතාව (Speed and Efficiency)
නිරවද්‍යතාව (Accuracy)
විශ්වස්‍යතාව (Reliability)
නියත බව (Consistency)
ආචයන ධාරිතාව (Storage capacity)
පිරිවැය (Cost)
බුද්ධිමය බව (Intelligence)
1.1.3 නිහිත පරිගණක සහිත උපාංග
රෙදි සෝදන යන්ත්‍ර, සුහුරු (smart) ජංගම දූරකථන, නූතන මෝටර් රථ, නූතන රූපවාහිනී යන්ත්‍ර ආදී උපකරණ පරිගණක වැඩසටහන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වේ. එම උපකරණවල ඇතුළත් කර ඇති පරිගණක වැඩසටහන් නිහිත (embedded) පරිගණක පද්ධති ලෙස හඳුන්වනු ලැබේ.