ඇතැම් ද්‍රව්‍ය චුම්බකවලට ආකර්ෂණය වන බව ක්‍රියාකාරකම 7.1 හි දී ඔබ විසින් නිරීක්ෂණය කරන ලදී. චුම්බකයේ සෑම ස්ථානයකට ම එක ලෙස ද්‍රව්‍ය ආකර්ෂණය වේ දැ යි සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි නිරතවෙමු.
ක්‍රියාකාරකම 7.2
චුම්බකයක ධ්රැව හඳුනා ගනිමු
අවශ්‍ය ද්‍රව්‍ය :- ඇමුණුම් කටු, දණ්ඩ චුම්බකයක්, කාඩ්බෝඩ් කැබැල්ලක්
ක්‍රමය :
දණ්ඩ චුම්බකය දෙකෙළෙවර වැඩි වශයෙන් ඇමුණුම් කටු එක් රැස් වී තිඛෙනු නිරීක්ෂණය කළ හැකි ය.
චුම්බකයක ආකර්ෂණ බල වැඩි වශයෙන් ම ඇත්තේ එහි දෙකෙළවර බව ඒ අනුව පැහැදිලි වේ. ආකර්ෂණ බල වැඩි වශයෙන් ඇති එම දෙකෙළවර චුම්බක ධ්රැව (magnetic poles) ලෙස හඳුන්වයි.