ක්‍රියාකාරකම 7.3
චුම්බකයක ධ්රැව හඳුනා ගනිමු.
අවශ්‍ය ද්‍රව්‍ය :- ලී ආධාරකයක්, මාලිමාවක්, නූල්, ධ්රැව ලකුණු නොකළ දණ්ඩ චුම්බකයක්
ක්‍රමය :
මෙහි දී චුම්බකය උතුරු - දකුණු දිශාව ඔස්සේ නිශ්චල වී පිහිටන බව නිරීක්ෂණය කළ හැකි වේ.
මේ පිළිබඳ තවදුරටත් සොයා බැලීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි යෙදෙමු.
ක්‍රියාකාරකම 7.4
වුම්බකයක ධ්රැව හඳුනා ගනිමු
අවශ්‍ය ද්‍රව්‍ය :- ජල බඳුනක්, රිජිෆෝම් කැබැල්ලක්, දණ්ඩ චුම්බකයක්
ක්‍රමය :
චුම්බකය සෑම විට ම උතුරු - දකුණු දිශාව ඔස්සේ නිශ්චල වී පිහිටන බව පැහැදිලි වේ. නිශ්චල වූ පසු උතුරු දිශාවට යොමු වී ඇති කෙළවර චුම්බකයේ උත්තර ධ්‍රැවය (North pole) ලෙස ද දකුණු දිශාවට යොමු වී ඇති කෙළවර චුම්බකයේ දක්ෂිණ ධ්‍රැවය (South pole) ලෙස ද හඳුනා ගත හැකි ය. චුම්බකවල උත්තර ධ්‍රැවය භ ලෙස ද දක්ෂිණ ධ්‍රැවය S ලෙස ද ලකුණු කර ඇත.
අමතර දැනුමට
ගුවන් නියමුවන්ට, නාවිකයන්ට, ගවේෂකයන්ට හා
හමුදා සෙබළුන්ට ගමන් දිශාව සොයා ගැනීමට මාලිමාව
උදව් වේ.