7 - සඵල වූ මෙසියානික අනාවැකි

සෙකරියස් තුමාට ස්නාවක ජොහන් තුමාගේ උපත දැනුම් දීම

සෙකරියස් තුමා ජුදා ආගමේ පූජකයෙකි. එක්තරා දවසක් ස්වාමීන් වහන්සේගේ ශුද්ධාසනයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙන්, සෙකරියස් තුමාට පැවරිණි. ස්වාමීන් වහන්සේගේ දූතයෙක් එතුමාට දර්ශනය විය. සෙකරියස් තුමා ඔහු දැක කැළඹී බියපත් විය. දේව දූතයා එතුමාට කතා කොට මෙසේ පැවසී ය:

එම දේව පණිවුඩය අදහා ගත නොහැකි වූ මහලූ සෙකරියස් තුමා දේව දූතයාගෙන් මෙසේ විමසා සිටියේ ය:

දේව පණිවුඩය අවිශ්වාස කළ සෙකරියස් තුමාට විපාක හිමි විය.

සෙකරියස් තුමා හා එලිසබෙත් තුමිය මහලූ ව සිටිය දී දේව දූතයා ප්‍රකාශ කළ පරිදි ම දරුවෙකු ලැබිණි. එමගින් දේව දූතයා ප්‍රකාශ කළ අනාවැකිය ඉටු විය.

 

මරිය තුමියට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීම

ගාබ්‍රියෙල් දේව දූතයා ගලීලයේ නාසරෙත් නුවර විසූ දාවිත් රජ පරපුරෙන් පැවත එන ජුසේ තුමාට විවාහ ගිවිසුම් දී සිටි කන්‍ය මරිය තුමිය වෙත පැමිණ මෙසේ පැවසී ය.

එම දේව පණිවුඩය අසා මරිය තුමිය අතිශයින් කැළඹී මේ කෙබදු ආචාරයක් දැයි සිත සිතා සිටින විට දේව දුතයා නැවත එතුමිය ඇමතුවේ ය.

මරිය තුමිය ගාබ්‍රියෙල් දේව දූතයාගේ පණිවුඩය දැඩි ලෙස විශ්වාස කර දේව හඩට කීකරු වූවා ය.

 

ජුසේ තුමාට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීම

මරිය තුමිය හා ජුසේ තුමා විවාහ ගිවිසගෙන සිටිය දී එතුමිය ගැබ්ගෙන සිටින බව ජුසේ තුමා දැන ගත්තේ ය. සත් පුරුෂයෙකු වූ ජුසේ තුමා, එතුමිය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් එතුමිය අත්හැර දමන්නට සිතා ගත්තේ ය. එහෙත් එතුමා මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් එතුමාට දර්ශනය වී මෙසේ ප්‍රකාශ කළේ ය.

ජුසේ තුමා නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා එතුමාට අණ කළ ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.

 

ජේසුස් වහන්සේගේ උපත

කලකට පෙර ඒ ඛෙත්ලෙහෙමේ - ශුද්ධ වූ නගරේ
ජේසු මෙලොවට බිහි වුණේ - පුංචි ගවමඩුවේ //

උදුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව්මවු තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ

සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු මේ බව දැන ගෙන ගවලෙන වෙත යන්නේ

මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස්වූයේ
ජුසේ තුමා කිසිදාකත් නෑ දෙව් අණකට පිටුපෑවේ

වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජතුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී

මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා

ඉහත ගීතිකාව තාලයට ගායනා කරන්න.

ජේසුස් වහන්සේගේ උත්පත්තිය ශුද්ධ වූ ලුක් තුමා වාර්තා කරන්නේ මෙසේ ය:

ජේසුස් වහන්සේගේ උත්පත්තියත් සමග උන්වහන්සේ පිළිබඳ ව දිවැසිවරු පවසා තිබූ දිවැස් වැකි සඵල විය. මරිය තුමිය දේව හඬට කීකරු වී තමන් මුළුමනින් දෙවියන් වහන්සේට කැප කළා ය. ජුසේ තුමා ද දේව හඬට සවන් දුන්නේ ය. දෙවියන් වහන්සේගේ හඬට අප ද කීකරු විය යුතු ය. දෙවියන් වහන්සේ විවිධ මාර්ගවලින් අපට කතා කරන සේක. අපි ඒ හඩට ඇහුම්කන් දිය යුතු වෙමු. ජේසුස් වහන්සේ දිළින්දෙකු ලෙස බෙත්ලෙහෙමේ උපත ලැබූ අතර උන්වහන්සේ දිළින්දන්ගේ සිත් සනසන සේක.