ඇතැම් මිනිසුන් මියගිය පසු දුගතිගාමී වීමටත්, ඇතැම් අය සුගතිගාමී වීමටත් හේතුව කුමක් දැයි සාලා ගම් වැසියෝ බුදුරදුන්ගෙන් විමසූහ.
එයට පිළිතුරු දෙමින් බුදුරදුන් දේශනා කොට වදාළේ අධර්මයෙහි හැසිරෙන්නා මරණින් මතු දුගතිගාමී වන බවත්, ධර්මයෙහි හැසිරෙන්නා සුගතිගාමී වන බවත් ය.
දස අකුසල් පහත දැක්වේ.
I. කයින් කරන අකුසල් 3 කි.
1. සතුන් මැරීම හෙවත් ප්‍රාණ ඝාතය.
2. සොරකම් කිරීම හෙවත් අදත්තාදානය.
3. කාමයෙහි වරදවා හැසිරීම හෙවත් කාම මිථ්‍යාචාරය.
සටහන:-
කාමයෙහි වරදවා හැසිරීම යනු සිය විවාහක බිරිඳ/සැමියා හැර අන් කාන්තාවක/පුරුෂයෙකු සමග රාගික සිතින් කටයුතු කිරීමෙන් වැළකීමයි.
II. වචනයෙන් කරන අකුසල් 4 කි.
4. බොරු කීම හෙවත් මුසාවාදය.
5. කේලාම් කීම හෙවත් පිසුණාවාචා.
6. පරුෂ වචන කීම හෙවත් ඵරුසාවාචා.
7. හිස් වචන කීම හෙවත් පම්ඵප්පලාප.
III. සිතින් කරන අකුසල් 3 කි.
8. දැඩි ලෝභකම හෙවත් අභිද්‍යාව.
9. ක්‍රෝධය හෙවත් ව්‍යාපාදය.
10. වැරදි දැකීම හෙවත් මිථ්‍යාදෘෂ්ඨිය.
ඉහත සඳහන් දස අකුසලයන්ගෙන් වෙන්වීම දස කුසල් නම් වේ.
දස කුසල් පහත දැක්වේ.
දස අකුසල් කරන්නන් අධර්ම චර්යාවක හෙවත් විසම චර්යාවක යෙදෙන්නන් බවත් දස කුසල් කරන්නන් ධර්ම චර්යාවක හෙවත් සම චර්යාවක යෙදෙන්නන් බවත් බුදුරදුන් විසින් වදාළහ.
දස කුසල් දියුණු කරගැනීමෙන් මෙලොවදීම මාර්ගඵල ලබා ගැනීමට වූවද හැකිය.
අභ්‍යාස:-
1. පෙළ පොතේ ක්‍රියාකාරකම් සියල්ල කරවන්න.