13.3 - ආහාර පරිරක්ෂක

පරිරක්ෂණයේ දී ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍යවලට එකතු කරනු ලබන රසායනික ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ආකලන ද්‍රව්‍ය පිළිබඳ සටහනක් 13.10 රූපයේ දැක්වේ.

ආහාර කල් තබා ගැනීමේ දී ආහාර නරක් වීමට හේතු වන ක්ෂුද්‍ර ජීවීන්ගේ කි්‍රයාකාරිත්වයත් අනෙකුත් බාහිර හා අභ්‍යන්තර සාධකවල කි්‍රයාකාරිත්වයත් වැළැක්වීම සඳහා යොදන ද්‍රව්‍ය පරිරක්ෂක ලෙස හැඳින්වේ. පරිරක්ෂක යනු ආකලන ද්‍රව්‍යයකි.

භාවිතය සඳහා අනුමැතිය ලද පරීක්ෂණාත්මකව ආරක්ෂිත යැයි සනාථ කරන ලද ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යොදාගන්නා කේත ක්‍රමය E අංකය ලෙස හැඳින්වේ.

කෘත්‍රිම ආහාර පරිරක්ෂක ලෙස ආහාරවලට එකතු කිරීමට අවසර ලබා දී ඇත්තේ E200 -E299 දක්වා වූ පරිරක්ෂක ද්‍රව්‍යවලට යි. මේවා අතර ප්‍රධාන වශයෙන් අම්ල සහ ලවණ වර්ග දැකිය හැකි ය.

පරිරක්ෂක ලෙස යෙදීමට නිර්දේශිත රසායන ද්‍රව්‍ය කිහිපයක් පහත දැක්වේ.

  • සෝඩියම් මෙටා බයි සල්ෆයිට්
  • සෝඩියම් බයි සල්පයිට්
  • බෙන්සොයික් අම්ලය
  • සෝඩියම් ක්ලෝරයිඩ්
  • සෝඩියම් නයිට්රයිට් සහ සෝඩියම් නයිට්රේට්
  • ඇසිටික් අම්ලය

ඉහත සඳහන් කළ ආකලන ද්‍රව්‍ය ලංකාවේ ආහාර පනත මගින් නිර්දේශිත ඒවා විය යුතු අතර නිර්දේශිත ප්‍රමාණවලින් එකතු කර තිබීම වැදගත් වේ. එසේ ම එම ආහාර කුඩා දරුවන් සඳහා සුදුසු නොවේ නම් ඒ බව ද සඳහන් කර තිබීම අත්‍යවශ්‍ය වේ.

පරිරක්ෂිත ආහාර ද්‍රව්‍යයක් වන ජෑම් සාදා ගන්නා ආකාරය අධ්‍යයනය කිරීම සඳහා 13.2 ක්‍රියාකාරකමෙහි නිරත වෙමු.

විවිධ පරිරක්ෂිත ආහාර වර්ග

  • පරිරක්ෂණය කරන ලද ඇතැම් ආහාර ඍජුව ම ආහාරයට ගත හැකි ය.
    නිදසුන් :- චට්නි, ජෑම්, සෝස්, පලතුරු බීම ආදිය
  • ඇතැම් පරිරක්ෂිත ආහාර ක්ෂණික ව සකස් කර ගැනීමෙන් පසු ආහාරයට ගත හැකි ඒවා වේ. එම ආහාර සංකීර්ණ කි්‍රයාවලියකට ලක් කර පරිරක්ෂිත ද්‍රව්‍ය එකතු කර ඇසුරුම් කරන ලද ආහාරයි. ඒවා පිරිසැකසුම් ආහාර (pre cooked) ලෙස හැඳින්වේ.
    නිදසුන් :- මීට් බෝල්ස්, සොසේජස්, නූඩ්ල්ස්, මැකරෝනි, පිටි කළ පොල් කිරි, කෝඩියල් ආදිය
  • සමහර පරිරක්ෂිත ආහාර පරිභෝජනයට පෙර පිසීම අවශ්‍ය වේ.
    නිදසුන් :- කරවල, ධාන්‍ය වර්ග ආදිය