පරිරක්ෂිත ආහාරවල වාසි සහ අවාසි පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා 13.6 පැවරුමෙහි නිරත වෙමු.
ඔබ සඳහන් කළ වාසි සහ අවාසි පහත දැක්වෙන කරුණු සමග සසඳා බලන්න.
ආහාර පරිරක්ෂණයේ වාසි
- ආහාර නරක් වීම වළක්වා ගත හැකි වීම.
මෙහි දී නරක් වූ ආහාර පරිභෝජනය නිසා සිදු වන විෂ ශරීරගත වීම සහ රෝග ඇති වීම වළක්වා ගත හැකි ය.
- එක ම ආහාර ප්රභවය විවිධ ආකාරයට සකසා ඇති නිසා රුචිකත්වය අනුව තෝරා ගත හැකි වීම.
- ආහාරවලට වඩාත් ආකර්ෂණීය පෙනුමක් දිය හැකි වීම.
- ඇතැම් ආහාරවල පවත්නා ස්වරූපය වෙනස් කිරීමෙන් පෝෂණ ගුණය ඉහළ නැංවීමට හැකි වීම (යෝගට්, චීස් වැනි කිරි ආහාර).
- කෘමීන් සහ වෙනත් සතුන්ගෙන් වන හානි අවම වීම.
ආහාර පරිරක්ෂණයේ අවාසි
- ප්‍රමිතියෙන් තොර ආකලන ද්‍රව්‍ය එකතු කිරීම හෝ නිර්දේශිත ප්‍රමාණයට වඩා එකතු කිරීමෙන් විවිධ රෝගාබාධ ඇති වීම.
- කෘත්‍රිම රස කාරක, වර්ණක ආදී කෘති‍්‍රම ආකලන ද්‍රව්‍ය නිසා එම ආහාර පරිභෝජනයෙන් ලෙඩ රෝග (පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ වැනි) සෑදීමට ඇති අවදානම වැඩි වීම.
- සැකසීමේ දී ඇතැම් විටමින් සහ වෙනත් පෝෂකවලට හානි සිදු විය හැකි වීම.
- ආහාරයෙහි ආවේණික රස, සුවඳ හා වර්ණය වෙනස් වීමේ අවදානමක් තිබීම.
- ක්ෂණික ආහාර පරිභෝජනයට හුරුවීම නිසා ස්වාභාවික ආහාරවලට ඇති රුචිකත්වය අඩු වීම.