පියෙවි ඇසට පැහැදිලිව පෙනෙන ජීවීන් මෙන් ම එසේ පැහැදිලිව නොපෙනෙන ජීවීන් ද අප අවට පරිසරයේ සිටින බව අපි දනිමු. පියෙවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් පිළිබඳව අධ්යයනය කිරීම සඳහා 1.1 ක්රියාකාරකමෙහි නිරත වෙමු.
පොල් වතුරේ පියෙවි ඇසින් දැකිය නොහැකි ජීවීන් සමූහයක් සිටින බව අණ්වීක්ෂීය නිරීක්ෂණ මගින් තහවුරු වේ. මොවුන් අතරින් ප්රමුඛව පෙනෙන ජීවීන් වනුයෛඒකෙසෛලික දිලීර විශේෂයක් වන යීස්ට් ය. මෙම ජීවියා පියෙවි ඇසට නොපෙනේ. එහෙත් අණ්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැකි ය. එබැවින් යීස්ට් ක්ෂුද්ර ජීවියෙකු වේ.
තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති, පියෙවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්, ක්ෂුද්ර ජීවීන් ලෙස හැඳින්වේ.
මෙම ජීවීන් අණ්වීක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කළ හැකි වේ.
ක්ෂුද්ර ජීවීහු සෑම පරිසරයක ම ජීවත් වෙති. වායුගෝලය, ජලය, පස, ජීවී දේහ මත හා ජීවී දේහ තුළ මෙන් ම ආන්තික පරිසර එනම් ජීවීන්ට ජීවත් වීමට අපහසු පරිසර වන හිම කඳු, කාන්තාර, සාගර පතුල, උණු දිය උල්පත් හා ලවණ වගුරු ආදියේ ද ඔවුන්ට ජීවත් විය හැකි ය. ක්ෂුද්ර ජීවීහු පුළුල් විවිධත්වයකින් යුක්ත වෙති. එනම්, ඔවුහු රූපීයව මෙන් ම පෝෂණ ක්රම අනුව ද විවිධ වෙති.
නිදසුන් - බැක්ටීරියා, ඇතැම් ඇල්ගී, ඇතැම් දිලීර විශේෂ, ඇමීබා හා පැරමීසියම් වැනි ප්රොටොසොවාවන්
විවිධ ක්ෂුද්ර ජීවී විශේෂ හඳුනා ගැනීම සඳහා 1.2 රූපය උපයෝගී කරගන්න.
විද්යාගාරයේ ඇති ක්ෂුද්ර ජීවී විශේෂ යොදා සැකසූ ස්ථීර කදා නිරීක්ෂණය කර ක්ෂුද්ර ජීවීන් හඳුනාගැනීමට උත්සාහ කරන්න.
මුල් වරට ක්ෂුද්ර ජීවීන් නිරීක්ෂණය කරන ලද්දේ වර්ෂ 1674 දී ඇන්ටන් වෑන් ලීවන්හුක් (Antonie van Leeuwenhoek) නැමැති නෙදර්ලන්ත ජාතික විද්යාඥයා විසිනි. ඒ සරල අණ්වීක්ෂයේ සොයා ගැනීමත් සමගයි. අණ්වීක්ෂ තාක්ෂණයේ දියුණුවත් සමග ක්ෂුද්ර ජීවීන් පිළිබඳ ගවේෂණයට ඉඩ සැලසිණි.