ක්ෂුද්‍ර ජීවීන් මිනිසාට ප්‍රයෝජනවත් මෙන් ම හානිදායක වන අවස්ථා ද තිබේ.
ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා 1.2 පැවරුමෙහි නිරත වෙමු.
ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම්
ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසාට ඇති වන හිතකර බලපෑම් ආකාර කිහිපයකි. කර්මාන්ත සඳහා යොදා ගැනීමට හැකි වීම, මැරුණු ශාක හා සත්ත්ව කොටස් වියෝජනය සහ ජෛව පළිබෝධ පාලනය සඳහා යොදා ගැනීම ඉන් ප්‍රධාන වේ.
ක්ෂුද්‍ර ජීවීන් නිසා මිනිසාට සහ සතුන්ට සිදුවන අවාසි මොනවා දැයි මීළඟට සලකා බලමු.
ක්ෂුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්
ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසාට ඇති වන අහිතකර බලපෑම් ආකාර කිහිපයකි. ආහාර නරක් වීම, මිනිසාට සහ මිනිසාට වැදගත්වන ශාක හා සතුන්ට ලෙඩ රෝග ඇති කිරීම හා ඇඳුම් හා දැව භාණ්ඩ මත වැඩෙමින් ආර්ථීකමය හානි සිදු කිරීම ඉන් කිහිපයකි.
ක්ෂුද්‍ර ජීවීන් නිසා මිනිසාට වැළෙඳන බෝ වන රෝග
වෛරස් මගින් - සෙම්ප්‍රතිශ්‍යාව, ඩෙංගු, පෝලියෝ, AIDS (ඒඩ්ස්) - පරිචිත ප්‍රතිශක්ති ඌනතා සහසාධකය / Acquired Immuno Deficiency Syndrome
බැක්ටීරියා මගින් - ක්ෂයරෝගය, ලාදුරු, උණසන්නිපාතය
ප්‍රොටොසෝවා මගින් - මැලේරියාව, ලීෂ්මානියාව (leishmaniasis), ඇමීබා අතීසාරය
දිලීර මගින් - අළුහම්, දද
ක්ෂුද්‍ර ජීවීන් නිසා සතුන්ට වැළෙඳන රෝග
ක්ෂුද්‍ර ජීවීන් නිසා සතුන්ට රෝග වැළෙඳන අතර ඒ සඳහා නිදසුන් කිහිපයක් 1.10 රූපයේ දක්වා ඇත.
ක්ෂුද්‍ර ජීවීන් නිසා ශාකවලට වැළෙඳන රෝග
ක්ෂුද්‍ර ජීවීන් නිසා ශාකවලට රෝග වැළෙඳන අතර ඒ සඳහා නිදසුන් කිහිපයක් 1.11 රූපයේ දක්වා ඇත.
මිනිසාගේ ඇඳුම් මත, ගොඩනැගිලි බිත්ති මත, දැව භාණ්ඩ මත ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීම නිසා ඒවාට ආර්ථීකමය හානි සිදු වේ. මෙහි දී බොහෝ විට වර්ධනය වනුයේ දිලීර නැමැති ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය යි.