ඔයාල දන්නවා ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 ක් තියෙනවා කියල. ඒ ගැන කියන්න ඕනේ නෑ නේද. කමක් නැ ඒ ටිකත් ඉගන ගමු. ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ක් තියෙනවා. ඒ අකුරු 26න් අකුරු 5ක් අපි ස්වර අකුරු කියනවා. ඉතුරු අකුරු 21 ව්‍යංජන අකුරු වනවා. අපි බලමු මුලින්ම අකුරු 26.
A B C D E F G H
I J K L M N O P
Q R S T U V W
X Y Z
දැන් බලමු ස්වර අකුරු පහ.
A E I O U
දැන් තේරෙනවනේ ස්වර අකුරු මොනාද කියල. ඇත්තටම ස්වර අකුරු කියන්නේ මොනාද.... ?
ස්වර අකුරු කියන්නේ ව්‍යංජන අකුරක් ශබ්ද කිරීමට උපකාරී වන අකුර. ඒ කියන්නේ ව්‍යංජන අකුරක් තනිවම ශබ්ද කරන්න බැනේ. එකට තවත් අකුරක් ඕනෑ වෙනවා.
උද :- K - ක්
මේ අකුර නිකන් ශබ්ද කරන්න බෑ . එකට අපි ස්වර අකුරක් දාලා බලමු
K(ක්) + A(ඒ) = KA (ක)
K(ක්) + E(ඉ) = KE (කේ)
K(ක්) + I(ඊ) = KI (කි)
K(ක්) + O(ඕ) = KO (කෝ)
K(ක්) + U(උ) = KU (කු)
මම හිතනවා දෙන මුලික අවබෝධයක් අවා කියල.
දැන් අපි පාඩම පටන් ගමු.
නාම පද (NOUNS)
නාම පද කොටස් දෙකකට බෙදෙනවා
ඒකවචන නම පද(Singular) - බහු වචන නම පද (plural)
ඒක වචන නම පද (singular noun) යනු තනි පුද්ගලයෙක් , දෙයක්, සත්වයෙක් හදුන්වන්න යොදන නාම පදයක් වන අතර බහුතරයක් හගවන්න යොදන නාම පද බහුවචන නාම පද (plural noun) වේ.
සිංහල භාෂාවට වැඩ ඉංග්‍රීසි භාෂාවේ නාමපදයක් ඒකවචන කිරීම හා බහු වචන කිරීම ලෙහෙසි දෙයක් නෙවෙයි. (හැබැයි අමාරුත් නෑ හොදද)
අපි බලමු ඒකවචන ඉංග්‍රීසි භාෂාවේදී බහු වචන කරන්නේ කොහොමද කියල....
Singular Nouns (ඒකවචන) plural nouns (බහුවචන)
Book Books
Pen Pens
Pencil Pensils
* Most nouns form the plural by adding "s" at the end of the word
ඉංග්‍රීසි භාෂාවේදී අපි බොහෝ විට ඒකවචන පදයක් බහු වචන කරන්න "S " අකුර යොදනු ලබයි.
උදා:-
Girl + S ------------------------> Girls
Pen + S ------------------------> Pens
Dog + S ------------------------> Dogs
Chair + S ------------------------>Chairs
Table + S ------------------------> Tables
Desk + S ------------------------> Desks
Bag + S ------------------------> Bags
Teacher + S ------------------------> Teachers
* Noun end with " sh-ch-x-s ", form the plural by adding "es" at the end of the word.
ඉංග්‍රීසි එකවචන් නාමපදයක අවසාන අකුරු "sh-ch-x-s" වලින් අවසන් වනවානම් එම වචනයේ අගට "es" අකුරු එකතු කරන්න. එතකොට එම වචනයේ බහු වචනය අපිට හද ගන්න පුළුවන්..
උදා :-
Box + es ------------------- > Boxes
Brush + es ------------------- > Brushes
Boss + es ------------------- > Bosses
Bus + es ------------------- > Buses
Gas + es ------------------- > Gases
Church + es ------------------- > Churches
Fox + es ------------------- > Foxes
Watch + es ------------------- > Watches ඔයාලත් මේ වගේ තවත් වචන හොයලා සටහන් පොතේ සටහන් කර ගන්න.
* The noun end with "O" after a consonant, we add "es" to make the plural
නාම පදයක අවසාන අකුර "O" අකුරෙන් ඉවර වෙනවනම් ඒ අකුරට පසු අකුර ව්‍යංජන අක්ෂරයක්නම් එම වචනය බහු වචන කරන්න "es" යොදනු ලැබේ.
උදා :-
Tomato + es ----------------> Tomatos
Potato + es ------------------> Potatoes
Mango + es -----------------> Mangoes
Hero + es ------------------> Heroes (වීරවරුන්)
Valcano + es ------------------> Valcanoes (ගිණිකන්ද)
Buffalo + es ---------------> Buffaloes (මී හරක්)
වැදගත් :--------------------- මෙම නිතිය වෙනස් වෙන තැන් කිහිපයක් තියෙනවා ඒ ගැනත් අපි බලමු (Exceptions)
Photo + es -----------> Photoes (මේක වැරදි)
Photo ------> Photos
Bamboo ----------> Banboos
Piano ---------> Pianos
Radio ----------> radios (මේ වගේ සමහර වචන වලට "es" එකතු කරන්නේ නෑ . එම වචන වලට සාමාන්‍ය පරිදි 's' එකතු කරනු ලබයි)
* The nouns end with "Y", after a consonant , To make the plural we drop "y" and add "ies'
යම් වචනයක් "y" අකුරෙන් ඉවරවෙනවානම් එම අකුරට පසු අකුර ව්‍යංජන අක්ෂරයක්නම් "y" අකුර ඉවත් කර "ies " යොදනු ලබේ.
උදා:-
City ------------> Cities
Party ----------> Parties
Baby ----------> Babies
Curry -----------> curries
Jelly ------------> jellies
Lorry ---------> Lorries
* The nouns end with "y" affter a vowel , to make the plural we add "s"
නාමපදයක අවසන් අකුර "y" අකුරක් නම් , එයට පසු අකුර ස්වරයක් නම් එම පදයේ බහුවචනය කරන්න අපි "s" දමනු ලැබේ.
උදා :-
Play + s ---------------> Plays
Clay + s ---------------> Clays
Toy + s ----------------> Toys
Key + s ----------------> Keys
Ray + s -----------------> Rays
* The nouns end with "fe or f " , to make the plural, ignore "f or Fe" and add to "ves"
නාමපදයක අවසන් අකුර "f හෝ fe " වලින් අවසන් වේනම් "f හෝ fe " අයින් කර ඒ වෙනුවට "ves " යොදා බහුවචනය සදනු ලබේ.
උදා :-
leaf -----------> leaves (කොළ)
Wife ----------> wives (භාර්යාවන්)
Knife ----------> knives (පිහි)
Self ----------> Selves
Life -------------> lives (ජිවිත)
Wolf ------------> wolves (වෘකයින් )
වැදගත් :- Exceptions - වෙනස් නොවන අවස්ථා
Roos -------------> Roofs
Dwarf -------------> Dwarfs
Chef ------------> Chefs
* දැන් අපි ඉගෙන ගමු ඒකවචනයක් සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා බහු වචනයක් වෙන්නේ කොහොමද කියලා. මේ දේවලුත් ඔයාල දැනගෙන ඉන්න ඕනේ....
Irregular Nouns
Singular Noun Plurals nouns
Man Men (මිනිස්සු)
Ox Oxen (ගවයින්)
Woman women (කාන්තාවන්)
Tooth Teeth (දත්)
Foot feet (අඩි)
Child Children (ළමයින්)
Datum Data (දක්ත)
Medium Media (මාද්‍ය)
Louse lice (උකුණෝ)
Mouse Mice (මියන්)
Goose Geese (පාත්තයින්)
* Some nouns have the same singular and plural noun
සමහර වචන එකවචනයෙන් හා බහු වචනයෙන් ලියවෙන්නේ එකම වචනයයි.
උදා :-
singular plural
Fish Fish
Deer Deer
Jwellery Jwellery
Sheep Sheep
Gold Gold
Equipment Equipment
Property Property