11-වසර ඉතිහාසය

ඇම්බැක්කේ දේවාලය

හෙළ කලාකරුවාගේ හැකියාව ප්‍රකට කරන අපූර්ව නිර්මාණයක් ලෙස ඇම්බැක්කේ දේවාලය හැඳින්විය හැකි අතර පිළිමතලාව නගරයෙන් සැතපුම් හයක් පමණ ඔබ්බෙහි වූ දවුලගල ගමේ සිට ගම්හත තෙක් දිවෙන මගෙහි යන විට මෙම දැවමුවා දේවාලය දැක ගත හැකිය. සමහරුන් මෙම දේවාලය කතරගම දෙවියන් වෙනුවෙන් කැප වූ පුදබිමක් ලෙස විශ්වාස කරන අය තවත් සමහරෙක් දේවතා බණ්ඩාර යනුවෙන් වැදුම් පිදුම් ලබන දෙවි කෙනෙකු මෙතනට අරක්ගෙන ඇතැයි විශ්වාස කරති.

මෙම දැවමුවා දේවාලය තුන්වන විජයබාහු රජ දවසේ දී දෙල්මඩ මූලාචාරී අගේ ප්‍රධානත්වයෙන් කෙරුන බව සඳහන්ය. වර්තමාන දේවාලය ප්‍රාකාරයකින් වටවී ඇති අතර අභ්‍යන්තරය ප්‍රධාන අංග කිහිපයකි. කතරගම දේවාලය, බෝධිය විහාරය, හේවිසි මණ්ඩපය, පල්ලේ දේවාලය, මුළුතැන්ගේ සහ වාහල්කඩ යනුවෙන් කොටස් කිහිපයකි. මළුවේ පිහිටි ගොඩනැගිලි අතරින් මහා දේවාලයේ ගෘහය ප්‍රධාන තැනක් ගනී. ලියෙන් කැපූ දේව ප්‍රතිමාව පිහිටියේ වැඩසිටින මාලිගාවෙහිය.

මෙම දේවාලයේ පිළිබඳව ජනප්‍රවාද රාශියක් පවතී.
ඇම්බැක්කේ ගමට යාව රංගම නම් ගමක් විය. මෙහි සෙබල නම් පනික්කියෙකු ජීවත් විය. පාදා දුන් ඔහුට කුෂ්ඨ රෝගයක් වැලදී සිටි අතර කොපමණ බෙහෙත් කළත් සුව නොවීය. එම නිසා ඔහු විසින් දෙවියන්ට කන්නලව් කිරීමෙන් එම කුෂ්ඨ රෝගය සුව විය. එදින රෑ සෙබල පනික්කියා නිදි අතරතුර ඔහුට දෙවියෝ සිහිනෙන් පෙනී සිටියහ. එහිදී දෙවියන් විසින් අද ඇම්බැක්කේ දේවාලයේ පිහිටි තැනට ගොස් කැළේ එළි පෙහෙළි කර ගල්තලාව මත දෙවියන් පුදන්නට නියම කළහ. උදෑසන අවදි වී එතැනට ගොස් විශාල කතුරු ගසක් කපන්නට විය. එහිදී ගස කැපූ සැනින් ලේ එන වග පෙනුණු පනික්කියා ඇල්දියෙන් පහන් දල්වා කැන්ද කොලේ මුළුතැන් පිදුවේය. එදා සිට දේවාලය ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.

මේ හා සම්බන්ධ තවත් ජනප්‍රවාදයක් වනුයේ තුන්වන විජයබාහු රජුගේ බිසව වූයේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියයි. ඇගේ මල් උයන දේවාලය අසල පිහිටි නිසා නිතර නිතර මල් උයනට යන ඇය කෙරෙහි කදකුමරුන් පෙමින් වෙලී ගියේය. අනතුරුව ඇය මනුෂ්‍යත්වයෙන් මුදවා ඇය තම මෙහෙසිය කරගත් කර ගත් බවටත් එතැන් සිට ඇය ඇම්බැක්කේ ට අධිගෘහිත දෙවියන් වූ බවටත් විශ්වාස කෙරේ. ඇයගේ අවමංගල්‍යය උත්සවයේ දී පවත්වන්නට යෙදුණු සිරිත් විරිත් ඇසළ පෙරහැරේ දිය කැපීමේ උළලේ දී පවා අනුගමනය කෙරේ.

ඇම්බැක්කේ දේවාලයෙහි වැදගත් අංශයක් ලෙස සඳුන්කුඩමයි දැක්විය හැකිය. වාර්ෂිකව ඉටු කරනු ලබන පෙරහරේ ගෙනියන පූජනීය භාණ්ඩ සහ සෙසු ඒවා තබන්නේ මෙහිය. ආරම්භයේ දී මෙය හේවිසි මණ්ඩපය ලෙස භාවිතා කළ බවට වාර්තාවෙයි. වැඩසිටින මාලිගයෙහි රන් කොත ගෙන එන ලද්දේ ගම්පොල විසූ තුන්වන වික්‍රමබාහු රජුගේ මාලිගයෙන් බව සදහන් වේ. තුන්වන වික්‍රමබාහු දෙවියන් වෙනුවෙන් පූජා කළ ඇත් දළ ජෝඩුව ලන්දේසීන් විසින් දෙවන රාජසිංහ රජුට පරිත්‍යාග කරනු ලැබ අනතුරුව දේවාලයට පූජා කළ කූණම, ඇහැළේපොළ නිලමේතුමා පූජා කළ තම්බොරුව සහ ආභරණ මෙහි ඇත. මහා දේවාල ගෘහය දෙපස බුදුන් පිදීම සඳහා ඉදිකළ පිළිම ගෙයක් කියන අතර ඒ අසල බෝධිය පිහිටා ඇත.

ඇම්බැක්කේ දේවාලයෙහි විශ්ව කීර්තියට පත් කැටයම ඇත්තේ දිග්ගේය තුළයි. නළඟන රැඟුම් පෙන්වා දෙන්නේ මෙහිය. මහනුවර මඟුල්මඩුව අනුකරණය කර ඉදිකරන්නට ඇතැයි මතයක් පවතින අතර කැටයම් වල ආකෘතිය ලබාගෙන ඇත්තේ ඇම්බැක්ක අම්බලමෙනි. හතරවන බුවනෙකබාහු රජු විසින් ඉදිකල අම්බලමෙහි ගල්ටැම් වල සහ දේවාලය ලී කරුවල කැටයම් වලට මෙහි එන කැටයම් සමානය. මෙම දිග්ගේය අඩි පනස් දෙකයි අඟල් 10 ක දිගින් ද අඩි 25 යි අගල් 9 ක පළලකින් ද යුක්තය. විවෘත ආකාරයෙන් සැකසුම මෙහි අඟල් තිස් හතරක පමණ උස ගල් පාදමකි. මෙහි ඇති කණු වල නොයෙක් ආකාරයේ දේශීය කැටයම් ඇත. ලණු ගැටය, ලියවැල්, දේව රුව, ගිජුලිහිණියා, මකරා, ලියවැල් කටින් ගත් හංසයා, අශ්වාරෝහක සිංහ සහ ඇත් පොරය ප්‍රධාන වේ.

දිග්ගෙයි හි ඉතා වැදගත් අංශයක් වූයේ වහලයයි. වහල කෙළවර තෙක් දිවෙන පරාල වල විසිතුරු කැටයම් ඇත. පල්ලේ දේවාලය මහා දේවාලයට පිටුපසින් පිහිටියේය. පුරාණ තොරතුරු වලට අනුව පල්ලේ දේවාලය ඉදි කර ඇත්තේ රාජසිංහ රජ දවසයි. උක්ත සියලු තොරතුරු සැලකිල්ලට ගැනීමේදී ඇම්බැක්කේ දේවාලය කදිම නිමවුමක් ලෙස සැලකීමට හැකිය.


ලිපිය නිර්මාණය කලේ,
S
Sandunika Theshani


MEMBER

අදාල තවත් ලිපි,



Sandunika Theshani

11-වසර ඉතිහාසය

අනෙකුත් ලිපි