අනුක්‍රමය සහිත ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත
අනුක්‍රමය (Sequence) යනු :
අල්ගොරිතමයක පියවර කිහිපයක් හෝ සියල්ල ආරම්භක පියවරේ සිට අවසාන පියවර දක්වා අනුපිළිවෙළින් ක්‍රියාත්මක කිරීම අනුක්‍රමය ලෙස හඳුන්වනු ලබයි.
මෙහිදී එක් පියවරක් සම්පූර්ණ කිරීමෙන් පසුව ඊළඟ පියවරට යෑම සිදුවේ.
මෙය අධ්‍යයනය කරන විට පළමුව ඉලිප්සියාකාර ආරම්භයෙන් පටන් ගන්නා අතර පියවර 1 , 2 සහ 3 වශයෙන් පියවරෙන් පියවර අනුපිළිවෙළින් ක්‍රියාත්මක වේ. ඊතල මගින් පියවර ගලා යාමේ දිශාව පෙන්නුම් කරන අතර ඉලිප්සියාකාර අවසානයෙන් අවසන් වේ.
1. ඍජුකෝණාස්‍රයක දිග සහ පළල ආදානය කළ පසු වර්ගඵලය ගණනය කරන්න.
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN INPUT Height and Width PROCESS Area = Height * Width OUTPUT Area END
|
2. වෘත්තයක අරය ආදානය කළවිට වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN INPUT Radius PROCESS Area = 22/7 * Radius * Radius OUTPUT Area END
|
3. සංඛ්‍යා දෙකක එකතුව ලබාගැනීම
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN INPUT Numbers as N1 , N2 PROCESS Total = N1 + N2 OUTPUT Total END
|
4. එක්තරා වෙළෙඳසැලක සෑම භාණ්ඩයක් සඳහාම වට්ටමක් ලබාදෙයි. බිල්පතේ මිල සහ වට්ටම් ප්‍රතිශතය ඇතුලත් කළ විට එම බිල්පතට අදාළ වට්ටම් මුදල ගණනය කරන්න.
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN INPUT Total amount , Discount percentage PROCESS Discounted amount = Total amount*Discount prcentage/100 OUTPUT Discounted amount END
|
5. එක්තරා වෙළෙඳසැලක සෑම භාණ්ඩයක් සඳහාම වට්ටමක් ලබාදෙයි. බිල්පතේ මිල සහ වට්ටම් ප්‍රතිශතය ඇතුලත් කළ විට එම බිල්පතට අදාළ වට්ටම් මුදල ගණනය කර එම පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල ගණනය කරන්න
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN INPUT Total amount , Discount percentage PROCESS Discounted amount = Total amount*Discount prcentage/100 PROCESS Payable amount = Total amount - Discount OUTPUT Payable amount END
|
6. සංඛ්‍යා තුනක සාමාන්‍ය ප්‍රතිදානය කරන්න.
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN INPUT Numbers as N1 , N2 and N3 PROCESS Average = N1 + N2 + N3 / 3 OUTPUT Average END
|
7. සමපාද ත්‍රිකෝණයක පාදයක දිග සහ ලම්මබ උස ලබා දුන්විට ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN INPUT Height and Length PROCESS Area = 1/2 * Height * Length OUTPUT Area END
|
වරණය සහිත ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත මීලගට.........