පුනර්කරණය (Iteration / Repetition) සහිත ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත.
යම් කොන්දේසියක් තෘප්ත වන තුරු ඇල්ගොරිතමයක ඇති පියවර හෝ පියවර කිහිපයක් නැවත නැවත සිදුවීම පුනර්කරණය ලෙස හැදින්වේ.
(ඇල්ගොරිතමයකඇති පියවර එක් පියවරක් නිමා වූ පසු අනෙක වශයෙන් පියවරෙන් පියවර ක්‍රියාත්මක වෙයි. නමුත් සමහර අවස්ථාවල දී ඇල්ගොරිතමයේ නිශ්චිත පියවරක් හෝ පියවර කිහිපයක් යම් කොන්දේසියක් තෘප්ත වන තෙක් නැවත නැවත ක්‍රියාත්මක කිරීමට සිදුවේ. මෙවැනි අවස්ථාවක පුනර්කරණය යොදාගත හැකිය.)
පුනර්කරණය භාවිතයෙන් අල්ගොරිතමයක අනවශ්‍ය පියවරයන් ඉවත් කර පහසුවෙන් විසදුම ලබාගත හැකිවේ.
Repeat , While සහ For යොදාගනිමින් පුනර්කරණය කේත තුල යොදාගත හැකිවේ.
Repeat....Until / Do..... While ව්‍යුහය
Syntax :
BEGIN
REPEATE
කාර්යය
UNTIL කොන්දේසිය
END
(Repeate යන ඇවිරුණු පදයෙන් (keyword) පටන් ගන්නා පුනර්කරණය Until හි ඇති කොන්දේසිය සත්‍ය වූ පසු පුන්ර්කරණය අවසන් වේ. Repeate සහ Until අතර ඇති කේත (code) පුනර්කරණය / නැවත නැවත ක්‍රියාත්මක වේ. )
1. සංඛ්‍යා කිහිපයක එකතුව සෙවීම.
ආදානය : සංඛ්‍යා
ක්‍රියාවලිය : එකතුකිරීම
ප්‍රතිදානය : සංඛ්‍යා කිහිපයේ එකතුව
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN Total = 0 REPEATE INPUT Number as N PROCESS Total = Total + N UNTIL Numbers are over OUTPUT Total END
|
While ව්‍යුහය
Syntax :
BEGIN
WHILE කොන්දේසිය
කාර්යය
ENDWHILE
END
(මෙය WHILE නම් ඇවිරිණු පදය (keyword) සමඟ ආරම්භ වේ. මෙහි while සහ end while අතර කොටස තුළ මෙයට අයත් කර්‍යයන් දැක්විය හැකිය. while සහ end while අතර දක්වන කේත (code) නැවත නැවත සිදුවේ. කොන්දේසිය තෘප්ත (සත්‍ය) වූ පසු පුනර්කරණය අවසන් වී ඊලඟ පියවර වෙත ගමන් කරයි.
1. සංඛ්‍යා 5ක එකතුව සෙවීම.
ආදානය : සංඛ්‍යා පහ
ක්‍රියාවලිය : එකතු කිරීම
ප්‍රතිදානය : සංඛ්‍යා පහේ එකතුව
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN Total = 0 Count = 0 WHILE Count < 5 INPUT Number as N PROCESS Total = Total + N END WHILE OUTPUT Total END
|
|
For ව්‍යුහය
Syntax :
BEGIN
FOR විචල්‍යය TO අගය
කාර්යය
NEXT
END
(මෙහි for නම් ඇවිරුණු පදය මගින් පුනර්කරණය ආරම්භ වේ. ඊලලඟ පියවර ලෙස විචල්‍ය සඳහන් කිරීමේදී එම විචල්‍යය සඳහා අගයක් ද ලබාදිය යුතුය. එම අගය පුර්කරණයේ ආරම්භක අගය වන අතර TO යන්නට පසුව දෙක්වෙන අගයෙන් පුනර්කරණය අවසන් වේ. එනම් එම අගයන් දෙක අතර ප්‍රමාණයක් පුනර්කරණය සිදුවේ. NEXT මගින් විචල්‍යයේ අගය වැඩි හෝ අඩු වන ආකාරය දක්වයි. For .. To සහ Next අතර කේත / පියවර පුනර්කරණය වේ.)
1. 1 සිට 5 තෙක් සංඛ්‍යා අනුපිළිවෙලින් ප්‍රතිදානය කරන්න.
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN FOR N=1 TO 5 OUTPUT N NEXT N = N+1 END
|
1. 1 සිට 10 තෙක් සංඛ්‍යා ලබාගෙන ඒවායේ එකතුව ප්‍රතිදානය කරන්න.
ගැලීම් සටහන | ව්‍යාජ කේතය |
BEGIN Total = 0 FOR COUNT = 1 TO 10 PROCESS Total = Total + Count NEXT Count + 1 OUTPUT Total END
|