සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

පන් නෙලීමේ කවි

ජන කවිය

සාහිත්‍යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්‍ය හා පද්‍ය කෘතියයි. සාහිත්‍ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්‍ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්‍යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.

එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්‍ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්‍ර වී අනන්‍යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත.  ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්‍ය උපකාරක ද සපයනු ලබනවා.

උගතුන් විසින් නිර්මාණය කරන ප්‍රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්‍ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්‍යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද  වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.

ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්‍යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.

“හදවත කියනවා කවියට පණ      දෙන්න

දිව මගෙ කියනවා මුමුණා ගෙන  ඉන්න

මම දැන් කියනවා කවුරුත් අහ    ගන්න

ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ   මෝරන්න”

කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.

 

පන් නෙලීමේ කවි

 

රිදී කූරු නැත ගතලා                           ගන්නට

සුදු පුස් කොළ ගෙන තෝඩු                  දමන්නට

රන් මාලා ගෙන කරේ                        දමන්නට

මේ ලෙස සැරසී විලට                       බසින්නට

 

ඉරසඳ පාන තැන කොතැන ඳ             තුන් හිටියා

ඉරසඳ පාන තැන මෙතනයි               තුන් හිටියා

පන්නම් කරන අඟනෝ කාටත්                සරියා

මං පැඳුරට පන් දෙනව ද                 තුන් හිටියා

 

ලීලේ කරමින් ගිය පසු                        පස්සට

තෝලේ බැරි මට තව බැස                  යන්නට

ලීලේ පෑවේ පන් නැති                        දවසට

රාළේ යමු අපි පන්                        උදුරන්නට

 

ගාන තෙල් සදුන් වරලස ඔමරි              කොට

මුහුණ පුරා තෙල් ගාගෙන යන              කලට

මාන බලති මිනුවන් පන් තිබෙන           කොට

නෑනෝ නුඹත් එනවද පන්            නෙලන්නට

 

එක් වෙලා ගියෝ පන් උදුරන්ට            ගියෝ

වෙන් වෙලා ගියෝ තැන තැන විසිර       ගියෝ

උනා වරල පිටිපස්සට දමා                  ගියෝ

සිනා සිසී එන්නේ පන් විලට               ගියෝ

 

අහුරු අල්ලමින් අඟ මුල කපා                ගෙන

දෙපේලියේ පන් මැඩලා කපා                 ගෙන

සිව් මුල්ලෙන් එක් මුල්ලක් පුරා              ගෙන

පැදුරක් වියමි මේ මුළු තුන් ලොව            වටින

 

හිසට පියුම් ලා පැදුරක්                   වියඤ්ඤා

පයට පියුම් ලා පැදුරක්                   වියඤ්ඤා

මැදට ඇදි රටා පැදුරේ                    වියඤ්ඤා

හිමිට දෙන්න ඔබ පැදුරක්                වියඤ්ඤා

 

අසන් මගේ                      නෑනා

පෙමින් අසමා                      නා

නොවී සක ජා                     නා

යමන් පන් උදුරන්න            නෑනා

 

ඉනේ බලාපන් ඉන වට සේල         බලාපන්

අතේ බලාපන් අතවට වළලු           බලාපන්

කරේ බලාපන් කරවට මාල            බලාපන්

දැදුරු ඔයෙන් එන එතනගෙ ඔමරි     බලාපන්

 

ඉරුපායා ගෙන           එන්නේ

තුරුවැල් ඉපිල         නටන්නේ

යොවුන් බවක්          වඩන්නේ

හෙළ බිම එළිය      වැටෙන්නේ

 

ආලවඩන රුව ඇති ළඳ දුටු             විට

ලීල ඔමරිකම් පානා සත                හට

වේලා කපා බැඳගති ගෙන          යන්නට

රත්න ගිරෙන් යමු පන්          උදුරන්නට

 


ලිපිය නිර්මාණය කලේ,
D
Danushka Dharmapala


MEMBER

අදාල තවත් ලිපි,



Danushka Dharmapala

11-වසර නර්තනය (සිංහල)

අනෙකුත් ලිපි