ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව විවිධ ගැටළු පැන නැගි ඇත. ඒවා භූමි පරිභෝග ආශ්‍රිත ගැටලු, නිෂ්පාදනය ආශ්‍රිත ගැටලු, වෙළෙදාම ආශ්‍රිත ගැටළු හා පාරිසරික ගැටළු වශයෙන් බෙදා දක්විය හැකිය.
භූමි පරිභෝගය ආශ්‍රිත ගැටලු
- ඉඩම් හිගය හා ඉඩම් කැබලි විම ( නිදසුන් තේ , පොල් , රබර් , වගාවන් අශ්‍රිත ව )
- කුඹුරු ඉඩම් ගොඩ කිරීම.
- කෘෂිකාර්මික බිම් වෙනත් අවශ්‍යතා සදහා යෙදවීම . ( නිදසුන් පොල්, රබර් ඉඩම් කටිටි කිරිම. )
- ජන සංඛ්‍යාව වැඩි විමත් සමග නිවාස හා සංවර්ධන කටයුතු වලට ඉඩමි යෙද විම.
- එක ම බිමක දීර්ඝකාලීන ව වගා කටයුතු සිදු කිරීම නිසා අස්වැන්න අඩු විම.
( නිදසුන් වී , තේ, පොල් , රබර් )
නිෂ්පාදන අශ්‍රිත ගැටලු
- වතු පැරණි විම නිසා අස්වැන්න අඩු විම. ( නිදසුන් - තේ , පොල් , රබර් )
- ඉඩම් කැබලි විම නිසා යන්ත්‍රසූත්‍ර භාවිතය අඩු විම.
- බිම් ඒකකයකින් ලබාගන්නා අස්වැන්න අඩු විම.
( නිදසුන් වී , තේ , සුළු අපනයන භෝග )
- වියලි කලාපීය ප්‍රදේශවල ජල හිගය හා තෙත් කලාපීය ප්‍රදේ‍්ශ වල ජල අතිරික්තය
( නිදසුන් - වී )
- පොහොර මිල ඉහළ යාම.
- පුහුණු ශ්‍රම හිගය හා තරුණ පරපුර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවලට අකමැති විම.
- අහිතකර උපකරණ භාවිතය හා හානිකර ක්‍රමවේද භාවිතය ( නිදසුන් - ධීවර කර්මාන්තය සදහා )
- නිෂ්පාදන වියදම අධික විම නිසා ගොවීන්ගේ ණයගැති බව වැඩි විම.
- කර්මාන්තශාලා නවීකරණය නොවිම. ( නිදසුන් - තේ , රබර් )
- නව දෙනුන් හා සත්ත්ව ආහාරවල මිල අධික විම, නඩත්තු වියදම් අධික විම.
( නිදසුන් - කිරිපට්ටි පාලනය )
- ධීවර යාත්‍රා ධීවර ආම්පන්න ශීතාගාර සහ ඉන්ධන සදහා වන පිරිවැය ඉහළ යාම.
( නිදසුන් - ධීවර කර්මාන්තය )
- ප්‍රමාණවත් ගබඩා පහසුකම් , ශීතාගාර පහසුකම් නොමැති විම.
( නිදසුන් - වී , එළවළු , පලතුරු , මාළු , කිරි )
පාරිසරික ගැටලු
- කෘමි හා වසංගත රෝගවලට ලක්විම. (නිදසුන් - පොල් - කුරැමිණි රෝගය , මයිටා ආක්‍රමණය ) (එළවළු හා පලතුරු - පිටි මකුණා බෝවිම.)
- (ගව පට්ටි පාලනය - ගව කුර රෝගය )
- ගංවතුර , නායයාම්, නියග, අධික වර්ෂාපතනය මගින් වගා හානි සිදු විම.
- සුළං , දියවැල් හා සුනාමි තත්ත්ව මගින් ධීවර කර්මාන්තයේ ගැටලු මතු විම.
- පොහොර , කෘමිනාශක , වල්නාශක යොදා ගැනිමෙන් ජලය , ගොඩබිම , වායුව දුෂණය විම නිසා සෞඛ්‍යමය ගැටලු ඇති විම.
- පරිසර පද්ධතියේ පැවැත්මට අවශ්‍ය ශාක සහ සතුන් වදවිම.
- අහිතකර ශාක හා සත්ත්ව කොටස් පරිසරයට එකතු විම.
වෙළෙදාම සම්බන්ධ ගැටලු
- නිෂ්පාදන මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවිම.
( නිදසුන් - වි , එළවළු , පලතුරු , කිරි )
- අතරමැදියන්ගේ ග්‍රහණයට හසු විම නිසා ගොවියාගේ ආදයම් අඩු විම.
( නිදසුන් - වි , එළවළු , පලතුරු , කිරි , මාළු )
- ජාත්‍යන්තර වෙළෙදපොළේ දී මිල උචිචාවචනය විම.
ආදේශන භාණ්ඩ වලින් එල්ල වන තරගය
( නිදසුන් - රබර් - කෘතීම රබර් , තේ - විවිධ පානවර්ග )
- වෙනත් රට වලින් එල්ල වන තරගය
( නිදසුන් - තේ - කෙන්යාව, රබර් - මැලේසියාව )
- දේශීය හා විදේශීය වෙළෙදපොළේ ස්ථාවර මිලක් නොතිබිම.
කෘෂිකර්මාන්තයේ ප්‍රවණතා
නිෂ්පාදනය ආශ්‍රිත ප්‍රවණතා
- නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සදහා සහනාධාර ලබාදීම.
- කෘෂිකාර්මික නිෂ්පාදන විවිධාංගීකරණය.
- (නිදසුන් - තේ - ක්ෂණික තේ , හරිත තේ,කෝඩියල්)
- (පොල් - විවිධ විසිතුරු නිෂ්පාදන)
- (සහල් - පිටි , නූඩ්ල්ස් , රසකැවිලි)
- දේශීය පරිභෝජනය වැඩි විම.
- කෘෂිභෝග ආශ්‍රීත අතුරු භෝග වගාව හදුන්වා දීම.
- නව වගා බිම් වගාවන් සදහා යොදවා ගැනීම.
- ඓන්ද්‍රීය පොහොර භාවිතය ප්‍රචලිත කිරීම.