3 - එකමුතුකමයි ආදරයයි

ආදරයෙන් කරුණාවෙන්
අප අමතනවා
වරදක් වූ විට පෙන්වා
සමාව දෙනවා
ඔවදන් දීමෙන් අප හට
අකුරු කරවනා
අප ආදර ගුරුතුමියට
ආසිරි වේවා!

සෙල්ලම් කරනට මා හා
එකට එක්වෙලා
වැටුණෝතින් උදවු කරයි
මා සනසාලා
පාසල් වැඩ කරන්නටත්
මට උදවු වෙලා
එකමුතුවෙයි යාළුවො සැම
සතුටින් පිරිලා

කරදරයක් වූ විට
නිතර ම දුව එනවා
සුවදුක් විමසා සැම විට
උදවු කරනවා
ආදරයයි කරුණාවයි
අපට ලැඛෙනවා
අහල පහළ සැම දෙනා ම
දෙවි රැකදේවා

මේ සැම දෙනා ම ලබා දුන් මහෝත්තම දෙවි
පියණෙනි, ඔබ වහන්සේට ස්තූතියි. ඔවුන් සැම දෙන
ආශීර්වාද කර ආරක්ෂා කළ මැනව. ආමෙන්!