5 - මරණය ජයගත් ජේසුස් වහන්සේ


අප පාපයෙන් ගලවා ගන්න ජේසුස් වහන්සේ ලෝකයට ආවා. ඔවුන් වහන්සේ තම දෙවි පියාණන් ගැන ජනතාවට කියා දුන්නා.

දුප්පත්, අසරණ අයට ඔවුන් වහන්සේ උදවු කළා. රෝගීන් සුව කළා. ඒත් එදා සිටි ජුදා නායකයා ජේසුස් වහන්සේ සැබෑ දේව පුත්‍රයා කියා පිළිගත්තේ නැහැ.

මගේ රත්තරන් දුවේ, පුතේ ඒ අය මට බොහෝ වේදනා දුන්නා. බොරු වැරදි කියා මහා බර කුරුසයක් කරට දුන්නා. කල්වාරි කන්ද නඟින්න කිව්වා. ඒ ගමනේ දී කිහිප වරක් කුරුසයත් සමග මම වැටුණා.

කුරුසයේ එල්ලී හිඳ මරණයට පත් වුණ වෙලාවේ දැනුණ වේදනාව ඔයාලා වෙනුවෙන් දරා ගත්තා. මට වේදනා දුන්නු හැමෝට ම මම කමාව දුන්නා.


මගේ මරණින් දින තුනකට පසු ඉතා ජයග්‍රාහී ලෙස මරණය පරදා උත්ථාන වුණා.

මේ සියල්ල කළේ ඔබට දේව රාජ්‍යය ලබා දෙන්නයි. ඉතින් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. මගේ පුංචි දුවේ, පුතේ.

මෙයට
ඔබේ ආදරණීය
ජේසුස් වහන්සේ

ආදර ජේසු සමිඳුනි, මා වෙනුවෙන් ඔබ වහන්සේගේ
ජීවිතය පූජා කළාට ස්තූතියි. අද සිට මම ඔබ වහන්සේට
තවත් ආදරේ වෙමි. කිසිවෙකුගේ සිත් නොරිදවා හැම
දෙනාට ම කරුණාවෙන් උදවු කරන්නට මට පිහිට වුව
මැනව. ආමෙන්!