12 - යමු අපි දෙවිඳුන් හමුවට

මහෝත්තම දෙවි පියාණන් වහන්සේ වැඩ වසන නිවස තමයි දෙව් මැදුර. එතුමාණෝ ඔබ එනතුරු ආශාවෙන් මග බලා සිටිනවා.


ඔබට මොන තරම් අඩුපාඩු තිබුණත් ඔබ මොන තරම් දුර්වල වුණත් මේ කිසිවක් දේව තාත්තා හොයන්නේ නෑ. අපි හැමෝ ම වාඩි වෙන්නේ එක ම බංකුවේ. යාච්ඤා කරන්නේ එක ම හඬින්. දේව මන්දිරය තුළ අපි හැමෝ ම දෙවි පියාගේ දරුවෝ.

අපි හැම උදය ම පිරිසිදු ඇඳුම් ඇඳ, සුදු මල් අරගෙන පිරිසිදු සිතින් දෙවිපියා බලන්න යමු.

පාසලේ දීත් පන්ති කාමරයේ දීත් අප සියලූ දෙනා එකමුතු ව යාච්ඤා කරන්නට ඕනෑ. මිතුරු මිතුරියන් සමග ආදරයෙන් වැඩවල යෙදෙන්න ඕනෑ. මෙලෙස නිතර ම දෙවි පියා සතුටු කළ හැකි දේවල් කිරීමට උත්සාහ කරමු.

නමෝ නමෝ
නමෝ නමෝ නමෝ වඳිමු
සමිඳු ගුරු සදා
අදර බැති පෙමා
පුදා හිස නමා
නමෝ නමෝ ...
මගේ සිත කය සැමකම
ඔබට අයිතිය
ඔබෙන් ලද දෙය ඔබට ම
දීම සුදුසු ය
නමෝ නමෝ ...