10 - සාන්ත මරියනි

මරියතුමිය හැම දා ම දෙවි පියාට කතා කළා. දවසක් ගාබ්‍රියෙල් නම් දේවදූතයෙක් ඇවිත් ජේසුස් වහන්සේගේ මව වීමට මරියතුමිය තෝරා ගෙන ඇති බව පැවසුවා. මරියතුමිය බයවුණා. එහෙත් එතුමිය ඉතා ම බැහැපත්, කීකරු කෙනෙක් නිසා දෙවි පියාගේ කැමැත්තට හිස නැමුවා. (ශු. ලුක් 1 : 26-31)


දේව දූතයා තවත් සුභ පණිවුඩයක් ඇයට කිවුවා. ඇගේ නෑදෑ සොයුරියක් වූ එළිසෙබෙත් තුමියට දරුවෙක් නැතිව දුකින් සිටියා. ඒත් දෙවිපියා ඔවුන්ටත් දරුවෙක් දෙන බව කිවුවා. එය දැනගත් මරිය තුමිය ඇයට උදවු කිරීමට ගියා. ඇයගේ ආශීර්වාදය ද එතුමියට ලැබුණා. (ශු. ලුක් 1 : 39-45)


මරිය තුමිය කුඩා දරුවන්ට හරි ම ආදරෙයි. ඒ නිසා පාතිමා නුවර ලූසි, ජසින්තා සහ ෆ්‍රැන්සිස් යන පුංචි ළමයින්ට දර්ශනය වුණා.

ආදර දෙවි පියාණෙනි, මරිය තුමිය, ඔබ වහන්සේ
අපට ලබා දුන් උතුම් තිළිණයකි. එතුමිය අපේ අම්මා
ලෙස ආදරයෙන් බාර ගන්නට අප සැමට පිහිට වන්න.
එතුමිය වගේ බැහැපත්, යහපත්, කීකරු, පිරිසිදු ළමයින්
වන්නට අපට මග පෙන්වුව මැනව. ආමෙන්!