25 - පිළිවෙළකට දවස ගෙවමු

උදෑසනින් අවදි වෙමු
දත කට මැද මුව දොවමු
සුපිපි සුවඳ මල් නෙළමු
අපි සැම තෙරුවන් වඳිමු

උදයේ ආහාර ගනිමු
දෙමාපියන් පා වඳිමු
වේලාසන පිටත් වෙමු
පාසල වෙත පිය නඟමු

ගුරුවරුනට කීකරු වෙමු
හොඳට අකුරු ඉගෙන ගනිමු
යහළුවන්ගෙ සිත් නොරිදමු
අපි සැම හොඳ ළමයින් වෙමු

පාසල නිම වී ආ විට
ඇඳුම් වනා පිළිවෙළකට
ඇඟ සෝදා පිරිසිදුවට
සැරසෙමු දහවල් කෑමට

එක දිගට ම වැඩ කළාට
විවේකයක් ඕන අපට
සිත් නිවනා වාදනයට
යොදමු සවන් අපි මඳකට

ගුරුතුමි දුන් ගෙදර වැඩත්
ආසාවෙන් කරමු අපිත්
ගේ දොර කටයුතුවලටත්
උදවු කරමු අපි සැවොමත්

සවසට මුව කට සෝදමු
මල් දෝතක් නෙළා ගනිමු
මලින් තෙලින් බුදුන් පුදමු
සැම දෙන වෙත මෙත පතුරමු

සැම එක් වී අහර ගනිමු
දත් මැදලා කට සෝදමු
මා පියන්ගෙ පා නමදිමු
සුව නින්දක් ලබා ගනිමු