16 - ජේසුස් වහන්සේ මෙන් වෙන්නම්

ශු. ජොහාන් 13 : 4 - 9

ගුරුතුමිය : අපි දැන් සූදානම් වෙන්නේ සත්‍ය සිදුවීමක් නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමටයි. හැමෝ ම රවුමට වාඩිවෙන්න. හොඳයි මම එම සිදුවීමට අදාළ කෙටි හැඳින්වීමක් කරන්නම්කෝ.

අපි රඟ දක්වන්න යන්නේ "ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රි භෝජනයයි." ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යයට පෙර, මෙතුමා තම ශ්‍රාවකයන් සමග අන්තිම රාත්‍රි භෝජනය වැළඳීමට පැමිණ සිටියා. එම රාත්‍රි භෝජනය ද හරි ම වැදගත්.

කලින් සූදානම් කළ ආකාරයට, ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රි භෝජනයට අදාළ සිදුවීම රඟ දැක්වේ.

(රාත්‍රි භෝජනය වැළඳු පසු ජේසුස් වහන්සේ තම උතුරු සළුව ගලවා තුවායක් ගෙන ඉණ වටා බැඳ එක් එක් ශ්‍රාවකයන්ගේ පාද සෝදා පිසදමමින් සිටී)

(එවිට පේදුරු තුමා පැමිණේ)

පේදුරු : ස්වාමීනී, ඔබ වහන්සේ මගේ පාදත් සෝදන සේක් ද? ස්වාමිනී ඔබ වහන්සේට මාගේ පාද නම් සෝදන්නට ඉඩ නොදෙමි.

ජේසුස් වහන්සේ : මා ඔබේ පාද නොසේදුවොත් මා සමග සම්බන්ධකමක් ඔබට නැත.

පේදුරු : එසේ නම් පාද පමණක් නොව ශරීරය ද සෝදනු මැනවි.
(රංගනය අවසන් වේ)

ගුරුතුමිය : බලන්න, මෙය සත්‍ය වූ සිදුවීමක්. ජේසුස් වහන්සේ තමයි ගෝලයින්ගේ නායකයා හා ඔවුන්ගේ ගුරුවරයා. උන්වහන්සේ ගෝලයින්ට මහත් ආදර්ශයක් ලබා දෙනවා. මෙම සිද්ධිය තුළින් ජේසුස් වහන්සේ ලබා දුන් ආදර්ශ මොනවා දැයි කියලා කියන්න බලන්න දැන්.

සමන් : අපත් නිහතමානී විය යුතුයි.

සෙව්වන්දි : අපි යටහත් පහත් විය යුතුයි.

දෙව්රු : සැමට කරුණාවන්ත විය යුතුයි.

සාරා : අපි නිරහංකාරී ව ජීවත් විය යුතු බව.

ගුරුතුමිය: අන්න හරි.

ඔබත් ජේසුස් වහන්සේ මෙන්;