ප්රධාන පිටුව
ලිපි
පාඨමාලා
ප්රශ්න පත්ර
උදව්
ඇතුළත් වන්න
×
ඇතුළත් වන්න
ලියාපදිංචි වන්න
ප්රධාන පිටුව
ලිපි
පාඨමාලා
ප්රශ්න පත්ර
උදව්
ඇතුළත් වන්න
ලියාපදිංචි වන්න
3-වසර
-
සිංහල
-
කොරවක් පැටික්කිට අකුරු කියවපු දා
1
1 - කොරවක් පැටික්කිට අකුරු කියවපු දා
එකෝමත් එක රටක
ලොකු කැලෑ රොදක '
කොරවක්කො' කියලා කියන
කුරුල්ලො කට්ටියක් හිටියා.
එකෝමත් එක දවසක
කොරවක්කි කොරවක්කා දැකලා
කතා කරලා කීවා,
“අපේ කොරවක් පැටික්කිට
අකුරු කියවන්ට
කියාපු කාලෙ” කියලා.
කොරවක්කා කන්දක් උඩක
කැන්ද ගහක
අත්තකට නැගලා
“කොවාක් කොවාක්” කියලා
කෑගහලා කීවා අනික් කුරුල්ලන්ට
“කරුණාකරලා අකුරු කියවන නැකතට
කවුරු කවුරුත් එන්ට” කියලා.
අකුරු කියවන නැකතට
කැලේ ඔක්කොම කුරුල්ලො,
කවුඩු පණික්කියොයි කාක්කොයි
කැස්වටුවොයි කෑඳැත්තොයි
කිරල්ලූයි ඇටිකුකුළොයි
වලිකුකුළොයි කොක්කුයි
කෝකිලයොයි ඔක්කොම ආවා.
දැක්කේ නැද්ද කෙවිලිය?
අකුරු කියවන්ට කීවෙ බකමූණාට.
බකමූණා “හූම් හූම්” කියලා
කොරවක් පැටික්කිට කතා කරලා කීවා
“මුලින් ම කයන්න කියවමු” කියලා.
“කයනු කී කයන්නේ, කයන්නට
ඇලපිල්ල ලියා ලුයෙන් කායන්නේ” කියලා,
බකමූණා කවුරුත් කරන ආකාරයට කීවා.
කොරවක් පැටික්කි ටිකක් අකීකරුයි.
කට ඇරලා කෑ ගහලා කීවා
“කොවාක් කොවාක්” කියලා.
කොරවක්කන්ට මේ තාක් කල්
අකුරු කියවන්ට බැරි
කාරණාවක් ඕක.
1 කොරවක් පැටික්කිට අකුරු කියවපු දා
2 තරු කැට
3 අපේ නිදහස් උත්සවය
4 මගේ රට
5 හරි පුදුමයි
6 සභාවෙන් අවසරයි
7 තේරවිලි
8 නොගැළපෙන රෝද
9 මුහුදු වෙරළට චාරිකාවක්
10 ජිංජි බරස් බරස් බරස්
11 රජතුමාගේ ඔටුන්න
12 හැදෙමු අපිත් මේ වාගේ
13 බදුලු ගමන
14 අශ්ව පැටියා
15 අග මුල සෙවූ හැටි
16 අහසින් ගිය සොහොයුරෝ
සිංහල
දෙමළ භාෂාව
ඉංග්රීසි භාෂාව
ගණිතය
කතෝලික ධර්මය
බුද්ධ ධර්මය
ඉස්ලාම් ධර්මය
ක්රිස්තු ධර්මය