1 - කොරවක් පැටික්කිට අකුරු කියවපු දා

එකෝමත් එක රටක ලොකු කැලෑ රොදක 'කොරවක්කො' කියලා කියන කුරුල්ලො කට්ටියක් හිටියා.

එකෝමත් එක දවසක කොරවක්කි කොරවක්කා දැකලා කතා කරලා කීවා, “අපේ කොරවක් පැටික්කිට අකුරු කියවන්ට කියාපු කාලෙ” කියලා. කොරවක්කා කන්දක් උඩක කැන්ද ගහක අත්තකට නැගලා “කොවාක් කොවාක්” කියලා කෑගහලා කීවා අනික් කුරුල්ලන්ට “කරුණාකරලා අකුරු කියවන නැකතට කවුරු කවුරුත් එන්ට” කියලා.

අකුරු කියවන නැකතට කැලේ ඔක්කොම කුරුල්ලො, කවුඩු පණික්කියොයි කාක්කොයි කැස්වටුවොයි කෑඳැත්තොයි කිරල්ලූයි ඇටිකුකුළොයි වලිකුකුළොයි කොක්කුයි
කෝකිලයොයි ඔක්කොම ආවා.


දැක්කේ නැද්ද කෙවිලිය?

අකුරු කියවන්ට කීවෙ බකමූණාට. බකමූණා “හූම් හූම්” කියලා කොරවක් පැටික්කිට කතා කරලා කීවා “මුලින් ම කයන්න කියවමු” කියලා. “කයනු කී කයන්නේ, කයන්නට ඇලපිල්ල ලියා ලුයෙන් කායන්නේ” කියලා, බකමූණා කවුරුත් කරන ආකාරයට කීවා.

කොරවක් පැටික්කි ටිකක් අකීකරුයි. කට ඇරලා කෑ ගහලා කීවා “කොවාක් කොවාක්” කියලා. කොරවක්කන්ට මේ තාක් කල් අකුරු කියවන්ට බැරි කාරණාවක් ඕක.